ආරක්ෂක අංශ විසින් Whatsapp ,Facebook ,Twitter ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සහ ඇතැම් ඇමතුම් පටිගත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකාලීනව විවිධ පුවත් පලවුණා.
නමුත් එලෙස කිසිඳු ක්‍රියාවක් ආරක්ෂක අමාත්‍යංශය විසින් හෝ ආරක්ෂක අංශ විසින් සිදු නොකරන බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සහ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටිනවා.
එවැනි පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගියද එය ප්‍රායෝගික කරුණක් නොවන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.