Home දේශීය පුවත් Spiralation Demo Day පස්වන වරටත් පැවැත්වෙයි

Spiralation Demo Day පස්වන වරටත් පැවැත්වෙයි

by Free News
0 comment

දේශීය තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් දෙස් විදෙස් ආයෝජකයන් වෙත හදුන්වා දීම මෙන්ම වෙළෙඳපොළ සොයා දීම වෙනුවෙන් පවත්වනු ලබන Spiralation Demo Day පස්වන වරටත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයවිසින් මෙය සංවිධාන කරනු ලැබීය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා නවෝත්පාදකයින්ට අනුග්‍රහය දක්වනSpiralation වැඩසටහන යටතේ ලියාපදිංචි වූ ඉතා සාර්ථක නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් මෙම Spiralation Demo Day හි දී ඇගයීමට ද ලක් විය.

තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ලංකාව තුළ ප්‍රචලිත කිරීම ද අරමුණු කර ගනිමින් පවත්වන මෙම Spiralation Demo Day වැඩසටහන සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නොමඳ සහභාගිත්වය හා සහයෝගය ලැබී තිබිණි.

තාක්ෂණික අධ්‍යාපන, ඉ-වාණිජ්‍ය , බ්ලෝක් චේන්, ක්ලීන් ටෙක්, රොබෝ තාක්ෂණය, අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර යටතේ නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් හත් දෙනෙකු සිය නවෝත්පාදන මේ සඳහා ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී ඇගයීමට පාත්‍ර වූ එම තොරතුරු තාක්ෂණ නවෝත්පාදන ගැන ප්‍රකට දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම්වල නියෝජිතයන් ඉදිරියේ සිය නවෝත්පාදන ගැන සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කිරීමට ද අවකාශ සලසා දී තිබිණි.

මෙතෙක් පවත්වන ලදSpiralation Demo Day ඔස්සේ කරළියට පැමිණි තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් බහුතරයක් දෙනා මේ වන විට දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට තම සේවා හා භාණ්ඩ සපයමින් සිටීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වූ Spiralation වැඩසටහනෙහි උපායමාර්ගික සහකරුවන බ්‍රැන්ඩික්ස් කෝපරේෂන් කැම්පස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.“ශ්‍රී ලංකාව මේ වන විට පවතින මට්ටමෙන් ඉදිරියට යෑමටනම් රටේ ආර්ථිකය ශක්තිමත් කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් රටේ තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් සවිබල ගැන්වීම අතිශයින් වැදගත් වෙනවා. ඒ සඳහා පුර්ණ සහයෝගය අප ලබා දෙනවා. විශේෂයෙන්ම ලෝකයේ ආර්ථික අතින් ශක්තිමත් රටවල් ඩොලර් බිලියන ගණන් මුදල් උපයන්නේ මෙම ක්ෂේත්‍රයෙන්.එසේනම් ලංකාවෙත් ඒ ආකාරයෙන් විදේශ විනිමය උත්පාදනය කළ හැකි ආයතන ස්ථාපිත කිරීම වැදගත් වෙනවා.”

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධානඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා මෙසේ පැවසීය.“ඩිජිටල් ආර්ථිකයක මුලික පදනම ව්‍යවසායකත්වය හා නවෝත්පාදන කීවොත් එහි වරදක් නැහැ. එය බල ගැන්වීමෙන් රටේ ආර්ථිකයට ශක්තියක් වෙනවා. මෙම Spiralation Demo Day මඟින් හදුන්වා දුන් තොරතුරු තාක්ෂණ නව නවෝත්පාදකයින් මේ වන විට ජාත්‍යන්තර තලයේ සම්බන්ධතා පවා ඇතිකර ගෙන ඉදිරියට පැමිණ තිබීම අපට සතුටක්”.

මෙම Spiralation Demo Day වැඩසටහන සඳහාප්‍රධාන අනුග්‍රහයකයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ Bug Zero සමාගමවේ.

මෙම අවස්ථාවට තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සමාගම් ප්‍රධානීන්‚ ආයෝජකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital