Home දේශීය පුවත් ‘Sri Lanka Skills Expo 2023’ 30000කට අධික පිරිසක් නරඹයි

‘Sri Lanka Skills Expo 2023’ 30000කට අධික පිරිසක් නරඹයි

by Free News
0 comment

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැ යි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති අතර එය පසුගිය (14)දා සාර්ථකව අවසන් විය.

ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් මෙමගින් ලබා දීමට කටයුතු කෙරුණි. මෙය එම ක්ෂේත්‍රවල රැකියා වලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවක් විය. 2016 වසරේදී පිහිටුවන ලද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සවිබලයෙන් ශක්තිමත් වූ Skills Expo 2023 ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා හා රැකියා ප්‍රදර්ශනය, ආසියානු සංවර්ධන බැංකුව සහ දරිද්‍රතාවය අවම කිරීම සදහා ජපන් අරමුදල විසින් මූල්‍ය දායකත්වය සපයමින් ඉදිරිපත් කරනු ලැබීය.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල 2023 මැ යි 12වැනිදා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ප්‍රදර්ශනය පැවැති දින තුනේ දී පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත පැවැති අතර, ඇතුළුවීම නොමිලේ විය.

මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කර්මා න්ත නිපුණතා සභා ව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව (ICTISC), නිෂ්පා දන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභා ව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා සභාව (TISC) සහ කෘ ෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව (ASSC) යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්රවල නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” තුළ මූලික වශයෙන් ඉදිරිපත් කෙරුණි.

මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැ නුවත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමු කරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් විය. පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතා වයන් පිළිබඳ දැ නුවත් කිරීම මෙහි තවත් අරමුණක් විය.

‘ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්’ තේමාව යටතේ දියත් වූ “Sri Lanka Skills Expo 2023” ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක්ද, සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සේවා යෝජකයන් හමුවීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැ නුවත් වීමට අගනා අවස්ථාවක් විය

මේ ඔස්සේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිතා කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමටත් සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

පාසල් සිසුන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන්, උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන්, රැකියා විරහිත පුද්ගලයන්, නව රැකියා සොයන්නන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු නරඹන්නන් තිස් දහසකට (30000) අධික පිරිසක් පසුගිය දින තුන තුළ දී ප්‍රදර්ශනය නරඹා තිබුණි.

මින් ඉදිරියට මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වීමේ හැ කියාව සොයා බැලීමටද මෙහි සංවිධායකවරුන් එකඟ වී ඇත.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වූ අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital