බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන ෂින්ඩාවෝ සී වින් බයෝටෙක් චීන සමාගමට හා එහි දේශීය නියෝජිත chelina capital corporation පෞද්ගලික සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත වාරණය පනවා තිබූ නඩුව ඊයේ (03දා) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප හෙට්ටිආරච්චි මහතා හමුවේ සමථයට පත්විය. 

ඒ අනුව, මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා තිබූ වාරණ නියෝගයද විසුරුවා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය. 

දෙපාර්ශ්වයේ එකඟතාව මත සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් චීන පොහොර සමාගම වෙත ගෙවීමට එකඟ වී ඇති බව නීතිඥවරුන් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බවද එසේ වුවහොත් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමටද දෙපාර්ශ්වය අධිකරණය හමුවේ එකඟතාව පළකර සිටියේය. 

ඒ අනුව ඊයේ දින මෝසමක් මඟින් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් කරනු ලැබූ ඉල්ලීම සැලකිල්ලට ගෙන විනිසුරුවරයා මෙම නඩුව සමථයට පත් කිරීමට අවසර ලබා දුන්නේය.

අද (03) සිට බිත්තරයක් රුපියල් 2කින් සහ කුකුළු මස් කිලෝවක් රුපියල් 50කින් මිල අඩු කිරීමට තීරණය කර තිබේ. 

නව වසර ආරම්භයේදී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් බිත්තර සහ කුකුළු මස් ව්‍යාපාරිකයන් සමඟ සිදු කළ සාකච්ඡාවේදී මෙය තීරණය කර ඇත.

සත්ත්ව ආහාර සඳහා තිරිඟු ගෙන්වීමට රජය සහන ලබාදීම හේතුවෙන් එම සහනය ජනතාවටද ලැබීමට මෙලෙස බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. 

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ලංකාදීපයට වාර්තා වෙයි.

මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ළඟදීම පැමිණීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන්නේ ඔහු පැමිණීමෙන් පසුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කළහ. මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.

ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු ලෙඩවන බව කී වෛද්‍යවරුන්, ඉන්දියාවෙන් දැන් ගෙන්වන අධි රසායනික සහිත පොන්නි සම්බා ආහාරයට ගැනීමෙන් මෙරට ජනතාවගේ වකුගඩුවලට සිදුවන බලපෑම ගැන කල්පනා කළ යුතු බව ද ඇමැතිවරයා කියයි.

"මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ. මම හූ කියන තත්ත්වයට පත්වෙලත් නෑ . මොකද මම මිනිස්සුත් එක්ක ඉන්න නිසා. මිනිස්සුන්ට ආදරේ කරනවා නම් සහ නිහතමානි වෙනවා නම් මම හිතන්නේ නෑ කාටවත් හූ කියයි කියලා. නිහතමානි වෙන්නේ නැතුව උද්දච්චකමින්, මහන්තත්තකමින් ඉන්න ගියොත් වැඩිකල් යන්නේ නැතුව හූවක් තමයි අපිට කන්න වෙන්නේ."

" ආණ්ඩුව විසින් කරපු වැරදි කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ පොහොර ගැටළුව. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් ඒක අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා අපිට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බා තමයි. පොන්නි සම්බා ටිකක් එක්ක අපේ හාල් ටිකක් තියලා බැලුවොත් පොන්නි සම්බා එකේ මැස්සෙක්වත් වහන්නේ නෑ.

හැබැයි අපේ හාල්වල මැස්සෝ වහනවා. ඒ කියන්නේ පොන්නි සම්බාවල රසායනික අන්තිම කෙළවරේ තියෙන්නෙ. රසායනික කාපුවාම වකුගඩු ලෙඩ වෙනවා කියපු දොස්තරලා, ඉන්දියාවේ පොන්නි සම්බා කනකොට වකුගඩුවලට කොයිතරම් බලපානවද කියල දැන් කල්පනා කරන්න ඕනෑ.

ඒ නිසා රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්. මම ඒක බොහොම අවංකවම කියන්නේ. එහෙම එකක් නෑ. අපිට තියෙන්නෙ වතුර ප්‍රශ්නයක්. උදේ කුඹුරට ගියාම හවස් වෙනකන්ම වතුර බොන්නෙ නැතුව අපේ ගොවියෝ විජලනය වෙනවා. ඒක වකුගඩුවලට බලපානවා. අනිත් එක අපි භාවිතා කරන භූගත ජලයේ තමයි කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නෙ. ඒකත් වකුගඩුවලට බලපානවා.

ඉබ්බාගමුව බතික් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා එසේ පැවසීය.

සාගතයකට ඉඩ දී ජනතාව නොමරා මරන   මේ ආණ්ඩුව ‘ජන ඝාතක’ ආණ්ඩුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. 

ආණ්ඩුවක් පත්වන්නේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් ජනතාවගේ වේදනාව මේ ආණ්ඩුව මායිම් නොකරන බවත් විපක්ෂ නායකවරයා ඊයේ (02දා) පැවැසීය. 

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව  ආණ්ඩුවේ නියෝජිතයන් පවසන අතර ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස් වෑල් නොව “ආණ්ඩුවේ වෑල්” බවද ඔහු කීය. 

සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර්ගේ කොළොන්නාව ආසනයට ඡන්ද පොළ නායක නායිකාවන් පත්කිරීමේ අවස්ථාවේදී  විපක්ෂ නායකවරයා  මේ බව පැවැසීය. 

ගෑස් ඛේදවාචකය ආරම්භ වූ දිනයේ සිට මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටට හෙළිදරව් කළ අතර අදාළ විෂයභාර ඇමැතිවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. 

ගෙවල් පුපුරන, කුස්සි ගිනිගන්න, ජීවිත අහිමි වන බරපතළ ඛේදවාචක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර ඇමැතිවරුන් බවත්, එදා ඔවුන් දෙදෙනා බොරු කී බවත්, අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් ඔහු පැවැසීය. 

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට පැමිණි මේ ආණ්ඩුව කිසි විටෙකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැතැයි ද විපක්ෂ නායකවරයා කීය. 

ජනතාවට දරාගන්නට බැරි පීඩනය අබියස රට කරවන ඇත්තන්ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ හූ කියමින් බවත්, ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමකට වැටීම බවත් ඔහු පැවැසීය.

මහ කන්නය සඳහා රජය ලබා දුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට පොහොර වර්ග 4ක් ගොවීන්ට ලබා දී ඇති බවත්, ඒවා භාවිත නොකළ ගොවීන්ට වන්දි ලබා නොදෙන බවත්ය.

අදාළ පොහොර පාවිච්චි නොකොට උඩ බලාගෙන සිටි ගොවීන්ට වන්දි ලබා නොදෙන බවද අමාත්‍යවරයා කීය.

 

මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් තමා සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි.  ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා.” 

“ඒ වාගේම මාහට ලබාදුන් අනුශාසනාමය මගපෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා.”

“දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි.” 

“අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්‍රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්‍ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි.” 

“මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊළාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊළාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා.”

“ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කළ විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක අණ දුන්නේ මමයි.”

“දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යාපනය කොටුව නිදහස් කරගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා.”

“ආරක්‍ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කළ සේවය ඔබ වහන්සේලා දන්නවා. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා.”

“මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.” 

ගෞරවනීය ස්වාමීන් වහන්ස, “මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත්වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි.” 

“මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා.”

“ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා.”

“මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා.”

“ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්.”

“ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා. මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.”

නියමිත ආකාරයට ජනතාවට ගෑස් සැපයිය නොහැකි නම්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉල්ලා අස් නොවන්නේ නම්, සභාපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ය.

ඊයේ (ජන. 1) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

අඩු මුදලට දෙසැම්බර් මස ගෑස් ලබාදෙනවා යැයි ප්‍රකාශ කළ ද ජනතාව තවමත් ගෑස් පෝලිම්වල හිඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බව ඔහු පැවසී ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, "හිනා වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්න නෙමෙයි ඔය ලිට්‍රෝ සභාපති ලා ඉන්නේ. ගහලා එලවන්න ඕනේ මම නම් කියන්නේ," යනුවෙනි.

"දැන් ගෑස් නෑ වගේ ම, මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේ ම, ගෑස් එක අරන් ගියා ම පුපුරනවා. මම දැක්කා ඔය ලිට්‍රෝ සභාපතිතුමා හැමදා ම ඇවිල්ලා බයිලා ගහනවා මීඩියාවලට. මේ ගෑස් ටික නියමිත විධියට සපයන්න ඕනේ. එහෙම නැතිනම් තමන්ට තනතුර දාලා යන්න පුළුවන්. මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙන්නේ. ගෙවල් ගිනි ගන්නවා. ගෑස් එක ගෙනියන්න අව්වේ කර වෙනවා. මිනිස්සු විශාල ප්‍රශ්නෙක ඉන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා සභාපති තුමා වහා ම ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර අරින්න ඕනේ, ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. දැන් අඩුවට මේ දෙසැම්බර් ගෑස් දෙනවා කිව්වා නේ. රටේ මිනිස්සුන්ට ලොකු පොරොන්දුවක් දුන්නා නේ. ඒ නිසා හිනා වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්න නෙමෙයි ඔය ලිට්‍රෝ සභාපති ලා ඉන්නේ. ගහලා එලවන්න ඕනේ මම නම් කියන්නේ."

මේ අතර, පවතින ගෑස් පෝලිම් අවම කිරීමට ලිට්‍රෝ සමාගම පැය 24 පුරා ගෑස් නිෂ්පාදනය හා සිලින්ඩර බෙදා හැරීම් සිදු කරමින් පවතින බව ලිට්‍රෝ සභාපතිවරයා අද දින මධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.

රට වෙනුවෙන් කරන ඉල්ලීම්වලට අදාළ පාර්ශව ඇහුන්කන් නොදෙන්නේ නම්, සිය තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ජනතාව සමග එක්ව අදාළ පාර්ශවවලට විරුද්ධව පෙළගැසී කටයුතු කිරීමට තමන් සූදානම් බව ය.

මීගමුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය: මුතුරාජවෙලා ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ ගැටලුව ඉවර ද? 

"අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. මොක ද අපි මේ ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. රට වෙනුවෙන් කරන ඉල්ලීමකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් සමහර පාර්ශව ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක ඔය තීන්දු ගත්ත අයට අපි කියන්න ඕනේ.

ඉතා ම ත් පැහැදිලිව කියන්නේ, මුතුරාජවෙල, අලුතෙන් ගහපු ගැසට් එක පවරා ගැනීම. වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරුඅත්හැරලා වරප්‍රසාද අත්හැරලා යාන වාහන ඔක්කො ම දීලා මිනිස්සු එක්ක හිටගෙන මේ සඳහා සටන් කරන්න කැමතියි කියන එක පැහැදිලිව කියන්න ඕනේ."

ප්‍රශ්නය: ආණ්ඩු පක්ෂයේ ම මැති ඇමතිවරු ආණ්ඩුව විවේචනය කරනවා. ඉතින් කොහොම ද ඇමතිතුමා රටක් කරන්නේ?

"අද ජනතාව පාරවල්වල ඉද්දී, රස්තියාදු වෙද්දී අපිට දුකක් තියෙනවා. අපි මහජන නියෝජිතයෝ විධියට. මේක නොවෙන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ තනතුරු අත්හැරලා යන්න සූදානම් කියන එක."

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක (රුපියල් බිලියනයක) ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත.

එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇති බව පැවසේ.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

සිරගත කර සිටි සෞදි කුමරිය නිදහස් කරයි !
106 Views
මෝදි පාලමක හිරවෙයි !
100 Views
ඉන්දියානු ජාතික ගුවන් සේවය විකුණා දමයි....
269 Views
ලංකාවේ මිනිස්සු රජකාලේ ගෙවන ලද බදු සහ දඩ
213 Views
සැබවින්ම එල්ලංගාවක් යනු කුමක්ද? ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය: ශ්‍රී ලංකාව - ශෙවාන් ඩැනියෙල් විසිනි
358 Views
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
258 Views
කොවිඩ් රෝගීන්ට වැලඳෙන කළුපුස් රෝගය ගැන අනතුරු ඇඟවෙයි.
175 Views
සෑම පවුලකටම ආයුර්වේද මංඡුසාවක්
217 Views
ලැම්ඩා (Lambda) ගැන දැනුවත් ද?
273 Views
කළුදුරු තෙල්වල ප‍්‍රතිශක්තිය වඩන ප‍්‍රබල හැකියාවක් ඇත... ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා
283 Views
අද ලොකු සාදයක් !
162 Views
කිං ඛාන්ගේ පුතා රජගේමකදී පොලීසියට මාට්ටු..
196 Views
තිසර පෙරේරා ඇමරිකාවට යාමට සූදානමක්
199 Views
ඉතිහාසයේ පළමුවරට සිංහල ගීතයක විකාශන අයිතිය ඉන්දියානු සමාගමක් ලබාගනී..
363 Views
මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට..
226 Views
රාගම සුප්‍රසිද්ධ ගුරෙක් ලඟ කාලිපූජා තැබූ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපල කවුද ?
299 Views
කාන්තාවක් දැරණියගල සභාපතිගේ නාසය කපලා
282 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views
නවතම අයිෆෝන් 13 මාදිලිය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ?
422 Views
සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ සරාගී බිරිඳ ජෝජිනා
378 Views
හිට් ගොසිප්
චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට
5,519 Views
හෙට මධ්‍යම රාත්‍රියේ සිට රටටම ඇඳිරිනීතිය ???
4,083 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
3,073 Views
ලබන සතියේ නැවතත් 5000 දීමනාව
1,769 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views