“තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රිවරයා කරන්නේ ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනෑ නෑ. අපි කියන්න තියෙන දේ එළිපිට කියනවා. ඉතිහාසයේ කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙවෙයි. මෙතැන බරපතළ වෙන්නේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා වගේ කෙනකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද? කියන එකයි. රජයේ ප්‍රධානීනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ” යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කොළඹ අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (6දා) පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මෙසේ පැවැසීය.
හිටපු රාජ්‍ය ඇමැතිවරයා එහිදී මෙසේද කීය.
ඒවා නොවිය යුතුයි. බුද්ධි අංශ තොරතුරක් ගැන පළමුවැනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් රටේ දේශපාලනය ගැනවත් අපේ දේශපාලන ඉතිහාසය ගැනවත් නොදැන බුද්ධි අංශ තොරතුරක් මත මේක වෙනවා කියන එක බරපතළ කාරණයක්. මම දකින හැටියට නම් මම ඉල්ලීමක් කරනවා. ප්‍රධානීන්ගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා කොහොමද මේ මන්ත්‍රිවරයකු ගැන බුද්ධි අංශ වාර්තා ලැබුණේ කියලා.”
එමෙන්ම උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන ඇමැතිවරුන්ද ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළා. ඔවුන් මෙලෙස ඉවත් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදියෙකු විමසීමක් කළේය.
ප්රශ්නය :- ඔබතුමාට වඩා උදය ගම්මන්පිල මහතා, විමල් වීරවංශ මහතා වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් රජයට විරුද්ධව කටයුතු කළා. ඒ අය ඉවත් කළේ නෑ.
“මම දන්නේ නෑ ඒක. හැබැයි මං හිතනවා ඒ අය යම් ප්‍රතිපත්තිමය තීන්දුවක ඉඳලා තමයි පසුගිය මැතිවරණ දෙකේදී කටයුතු කළේ ජයග්‍රහණය වෙනුවෙන්. හැබැයි ඒ ප්රතිපත්තිවලින් බැහැර වෙනවා නම් අඩුම ගානේ රජය තුළ ඉඳගෙන හෝ ඒ ප්‍රතිපත්තියෙන් බැහැරවන බවට හඬක් නැඟිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා එතුමන්ලාට වරදක් කියන්න බෑ.”
ප්රශ්නය :- ඔබතුමාලා ආණ්ඩුවේ ඉඳගෙන ඇත්ත කතා කළොත් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළා කියනවා. ඒ කියන්නේ හොරකම් කළත්, වැරැද්දක් කළත් කට පියාගෙන ඉන්න ඕනේ කියලාද?
“ඒක මං දන්නේ නෑ. ඒක ඒ අයගෙන් අහන්න ඕනේ. අපිට එහෙම චෝදනා නැති නිසා තමයි මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ. ඒක අපි සතුටින් භාර ගන්නවා. මොකද අපි දන්නවා මේ රටේ දේශපාලන පෙළගැස්ම කොහොමද වෙන්නේ කියලා අපිට පේනවා. රටත් ජනතාවත් බේරගෙන ඉන්න ඕනේ කාටත් දේශපාලනය කරන්න.”