පොලිස් විශේෂ කාර්යය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටි.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවසයි.

ඇය සමඟ  තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද සෙසු පිරිස අතර ඩි.එස්.කුලසේකර, ඒ.පි. සම්පත් කුමාර, එස්.ටි.පෙරේරා,ඩි.එස්.සිල්වා,කේ.ජි නිශාන්ත,ඒ එම් දයාරත්න,ඒ.පි.කුලරත්න,කේ.ඩි.ගුණරත්න යන නිලධාරීන්ය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 52 කු හා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනකු සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සියලු දක්ෂතා දක්වා තිබූ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඇතුළු නව දෙනකුට මෙම උසස්වීම් ප්‍රධානය කෙරිණි.

රජය මඟින් ගොවීන් සඳහා කාබනික පෝර වර්ග සතරක් ලබාදී ඇති බවත් අවම වශයෙන් ඉන් එක පොහොර වර්ගයක් හෝ යෙදීමෙන් අනතුරුව වගා හානි වූ සියලුම ගොවීන් හට වන්දි ගෙවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

කෘෂිකර්ම ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් පේරාදෙණිය ගන්නොරුවේදී ඊයේ (9දා) පෙරවරුවේ විවෘත කෙරුණු අතර  සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා මහ කන්නයේ වී වගාවේ හානිය තක්සේරු කිරීමේදී රජයෙන් ලබාදුන්  කාබනික පොහොර වර්ග හතරම හෝ එක් වර්ගයක් හෝ යොදා ගෙන තිබීම අත්‍යවශ්‍ය බව පැවැසීය.                                                  

එසේ නොමැතිව කාබනික පොහොර භාවිත නොකර වෙනත් හේතූන් නිසා වගාවට හානි සිදුව ඇත්නම් ඒ පිළිබඳව වෙනම අවධානය යොමු කළ යුතු බවද ඇමැතිවරයා කීවේය.

චීන සමාගමේ පොහොර නැවට මිලියන 67ක් ගෙවීම ටෙන්ඩර් කොන්දේසි අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව සිදු වූවක් බව පෙන්වා දුන් ඇමැතිවරයා එම ගනුදෙනුවේ කිසිදු වරදක් හෝ වංචාවක් සිදුව නැති බවද කීය. එම පොහොර සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන පහක ඇපකරයක් තබා ඇති බවද එය නිදහස් කර නැති බවද පෙන්වා දෙන ඇමැතිවරයා නැවත එම සමාගම ගුණාත්මක පොහොර මෙරටට ලබාදීමට එකඟ වී ඇති බවත් එසේ එවන පොහොරද නිසි පරීක්ෂාවකින් තොරව රට තුළට නොගන්නා බවත් සඳහන් කළේය. වෙළෙඳපොළේ රසායනික පොහොර සම්බන්ධයෙන් කළුකඩ ජාවාරමක් සිදු වන බවට පැමිණිලි ලැබී ඇති බවද රසායනික තහනම නිසා එවැනි තත්ත්වයක් ඇති වී තිබුණද දැන් රසායනික පොහොර  ආනයනයට පෞද්ගලික අංශයට අවසර දී ඇති බැවින් වැඩි මිලට පොහොර විකිණීමට වෙළෙ¾දුන්ට ඉඩක් නැති බවද ඇමැතිවරයා  සඳහන් කළේය.                                                                 

රසායනික පොහොර තහනම හේතුවෙන් මහ කන්නයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ බව සඳහන් කළ ඇමැතිවරයා යල කන්නයේදී අවශ්‍ය තරම් පාලන මිලට ඕනෑම පොහොරක් හෝ කෘෂි රසායන මිලදී ගැනීමට හැකියාව ලැබෙන බැවින් මෙම ගැටලු සියල්ල අවම වේ යැයි බලාපොරොත්තු විය හැකි බව සඳහන් කළේය.

කෙසේ වුවද රජයේ හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

“ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පාර්ලිමේන්තුවේ කාලය ‘ජනමතවිචාරණයක්’ මඟින් දික් කරගත්ත වගේ ජනමතවිචාරණ තියලා නම් ආණ්ඩුවේ කාලය දික් කරගන්න හදන්න එපා. ඒකනම් කවදාවත් කෙරෙන්නේ නැති වැඩක් කියලා මම බොහොම පැහැදිලිව කියනවා” යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය. 

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සම්මේලනය ඊයේ (09) අමතමින් ඒ මහතා මෙසේද පැවැසීය.

“කිසිම නායකයකුට තනියම ආණ්ඩුවක් කරන්නත් බෑ, තනියම රටක් හදන්නත් බෑ  ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්න ඕනෑ. වංචාවට, දූෂණයට, නාස්තියට, හොරකමට මේ රටේ ඉතිහාසයේ නිදහසින් පසු ලංකාවේ එකෙක්වත් හිරේ ගිහින් නෑ. මේ රට මෙච්චර වැටිලා තිබෙන්නේ දූෂිත දේශපාලනය නිසයි. 

“අද මේ රටේ පළාත් පාලන ආයතන සීයට අනූවක්ම අන්ත දූෂිතයි. එතැන අංක එක කොළඹ මහ නගර සභාව, කොළඹ මහ නගර සභාව ගත්තම කිසිම ආණ්ඩුවක් මේකට අත තියලා අනිත් පැත්ත කරකවන්න හැකි  වැඩපිළිවෙළක් තිබුණේ නෑ. අදත් එහෙමයි.

“ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ගැන පුදුම වුවමනාවක් වටිනාකමක් තිබුණේ පොහොට්ටුවේ මහත්වරුන්ට. මම කිව්වේ යට ඉන්න බට්ටෝ මේවා දන්නේ නෑ කියලා. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ඉහළම නායකයෝ මාව කී සැරයක් හම්බවුණාද? එහෙම සාකච්ඡා කරලා සන්ධාන හදලා තමයි ඡන්දේ කෙරුවේ. ඒ තත්ත්වයත් එක්ක ඡන්දය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා.”

අනේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්න බෑ කියපු අය ජනාධිපති ඡන්දයෙන් පස්සේ පළමුවැනි සතියෙම අපේ සන්ධාන ගිවිසුම කඩ කෙරුවා. මේක කිව්වම හෙට අනිද්දා සමාජ මාධ්‍යවලින් අපිට ගහයි තොපිට වෙච්ච දේ හොඳයි කියලා. හැබැයි ඇත්ත කතාව කරපිංචා කතාව තමයි අරගෙන විසි කෙරුවා.”

“මම පිරිසුදු පාලනයක් ගෙනයන්න එදා ගත්තු උත්සාහයේදී අගමැති නැතිව, ඇමැති මණ්ඩලයක් නැතිව පාර්ලිමේන්තුවේ කිසිම බලයක් නැතිව උත්සාහ කළා. මම අද වගේ අර්බුදයකට දැම්මේ නෑ. අපි 2015දී කලින් තිබුණටත් වඩා බඩු මිල අඩුවෙන් දුන්නා. තෙල් මිල ලෝකේ වැඩිවුණු වෙලාවේ අපි රුපියල් දෙකකින් විතරක් වැඩි  කළා. ඉතා අමාරුවෙන්.”

“පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා  කොටුවේ ඉඳලා පාර්ලිමේන්තුවට. ඒ අතරතුර පොල් බෑයවල් පෙන්නලා ලූනු ගෙඩිය පෙන්නලා ආපු විදිහ. දැන් සැපද කියලත් ඇහුවා. දැන් රටම අසනීපයි නේ.”

“බොහෝ විට මේ අවුරුද්දේ අවසානයේ හෝ ලබන අවුරුද්දේ මුල පළාත් සභා මැතිවරණයක් තියන්න ඉඩ තිබෙනවා. ඊළඟට ජාතික මැතිවරණයක් වෙන්නෙ ස්ථීරවම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්.”

“ඔය සමහර අය කියනවා ජනමතවිචාරණයක් ගැන. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කෙරුවෙත් පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්න. ඒ වගේ ජනමතවිචාරණ තියල නම් ආණ්ඩුවේ කාලය දික් කරගන්න හදන්න එපා. ඒකනම් කවදාවත් කෙරෙන්නේ නැති වැඩක් කියලා මම බොහොම පැහැදිලිව කියනවා.”

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අද (10දා) සිට විදුලි කප්පාදුවකට යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවැසීය. ඒ අනුව පෙර දැනුම්දෙන ලද කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් සිදුකළ හැකි බව හෙතෙම කියාසිටියේය.

ඉන්ධන අර්බුදය ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් විදුලි කප්පාදුවකට යායුතු බව දන්වමින් ඉකුත් සිකුරාදා (07දා) ලංකා විදුලිබල මණ්ඩලය මීට අදාළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකර තිබිණි.

ඒ අනුව මේ සඳහා අවසර හිමිව ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග සඳහන් කළේ මෙම අවසරය අද සිට ලැබුණද විදුලිය කැපීම සිදුවන්නේ අවශ්‍යතා මත බවය.

ඒ නිසා මීට අදාළ විදුලි කප්පාදු කාලසටහන මහජනතාවට දැනගැනීම සඳහා ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය සඳහා වූ ටෙන්ඩර්වලට සැපැයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් විශාල අර්බුදයක් හටගෙන ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම ඊටද බලපා ඇති හේතුව බව එම ප්‍රකාශකයා කීය.

මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනක් පිහිටි නොරොච්චෝලේ බලාගාරයේ දැනටමත් එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබේ.

මීට අමතරව යුගදනවි, කැලණිතිස්ස හා පෞද්ගලික බලාගාරයක් ඇතුළුව බලාගාර කිහිපයකින් ජනනය කෙරෙන මෙගාවොට් 200කට වඩා ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.

මෙසේ ජාතික පද්ධතියට අහිමි වන විදුලිබල සැපැයුම ප්‍රමාණාත්මකව ඉහළ ගියහොත් විදුලි කප්පාදුවද ඊට අනුරූපීව ඉහළ යෑමට ඉඩ ඇතැයිද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එවැනි විදුලි කප්පාදුවක් නිසැක වශයෙන්ම ජන ජීවිතයට පමණක් නොව කර්මාන්ත ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මත්පැන් බලපත්‍ර 150 ක්  පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ  ඇත්තේ  සංචාරක මණ්ඩලයේ අනුමත  හෝටල් සහ අවන්හල් සඳහාය. එම සංඛ්‍යාව  81කි.

ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා  බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි  සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර  මත්පැන් අලෙවිසල්වල  මත්පැන් බෝතල්වල ස්ටිකර්  හෝ  ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු  ලබන සතියේදී අරඹන බව   පැවසූ  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු  ආරම්භ කර කරගෙන යන බවද  පැවසුවේය.

ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු  මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ  ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල්  වෙළෙඳපොළට  පැමිණීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත්  ගුණසිරි මහතා කීවේය.

ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් සියයට හතක් පමණ වෙළෙඳපොළේ පවතිය  හැකි බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙරට ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනතාවගේ පොදු අභිලාෂ ඇතුළත් කරමින් සකස් කොට ඇති ලේඛනයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අස්සන් නොකළ ද එය නුදුරේදී ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට භාර දීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

කෙසේ වෙතත්, අදාළ ලේඛනයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේශ්වරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන්. ශ්‍රීකාන්තා, ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරු අස්සන් තබා ඇත.

මෙම ලේඛනය සකස් කිරීමේ ආරම්භක සාකච්ඡාවලට වඩාත් සහාය දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් යන මහත්වරු මෙතෙක් අස්සන් තබා නොමැති වුවත් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත එම පක්ෂවල දේශපාලන මණ්ඩල රැස්වීම්වලින් පසුව එම ලේඛනයට අස්සන් තැබීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ ය. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරට ත් අදහස් දැක්වූ දෙ.ජා.ස මන්ත්‍රීවරයෙකු පැවසුවේ ජාතික ගැටලුවට එක්සත් රාජ්‍ය සංකල්පය වඩාත් උචිත බව ත් ඒ යටතේ අර්ථාන්විත බලය බෙදා හැරීමක් අවශ්‍ය බවත් එවැනි විසඳුමක් වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත බල කළ යුතු යැයි යන්න ප්‍රධාන වශයෙන් මෙම ලේඛනයෙන් ඉල්ලා තිබෙන බවත් ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංඛ්‍යාව 50 දක්වා හෝ වැඩි කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තුව තුළ තම පක්ෂයට ආසන 50ක් හෝ තිබේ නම් එමගින් "ආණ්ඩු පිහිටුවීමට වඩා ආණ්ඩු හැසිරවීමට හැකි" වන බව ය.

පාර්ලිමේන්තු මැතිවරණයකදී එවැනි සංඛ්‍යාවක ආසන ලබා ගැනීමට හැකියාව ලැබුණහොත් "රිමෝට් එක අපේ අතේ" යැයි ඔහු සඳහන් කළේ ය.

හිටපු ජනාධිතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා රට එදා අද සහ හෙට පන්නරය නමින් වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රදේශයේ දී නිදහස් පක්ෂය සංවිධාන කළ අධ්‍යාපනික වැඩසටහනක් අමතමිනි.

ජනතාව හමුවීමට රට වටා යන ගමනේදී ආණ්ඩුව පිළිබඳව සහ රට මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව ඇත්ත කතා කරන්නට සිදු වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

"අද මිනිසුන්ට කන්න නෑ. පොහොර ටික නෑ. ගෑස් ටික නෑ. ඉස්පිරිතාලේ බේත් ටික නෑ. මේවා ත් එක්ක ජනතාව මිරිකිලා ඉන්නේ. ආවේගකාරී වෙලා ඉන්නේ. ගෑස් පෝලිම්වල කිරිපිටි පෝලිම්වල කියන කතා ඔබ අපි හවසට අහනවා. අද තිබෙන ආන්ඩුවේ ස්වභාවය මේ රට ගොඩනැගීම සහා කිසිසේත් ම ප්‍රමාණවත් සැලැස්මක් තිබෙනවා කියලා මට කියන්න පුලුවන්කමක් නෑ. රාජ්‍ය පරිපාලනය, දේශපාලනය, ජාත්‍යන්තර සබඳතා, ආහාර නිෂ්පාදනය, ආර්ථික කළමනාකරණය කරගන්න මේ ඔක්කෝ ම අවුල් කරගෙන තියෙනවා."

තමා ජනාධිපති ධූරයට පත් කළ පක්ෂයේ නායකයා ඉවත් කර ඔහු සමග ප්‍රතිවාදීව තරග කළ පුද්ගලයා අගමැති වශයෙන් තම ධූර කාලයේදී පත් කළේ, තමාට "පිට කොන්දත් ඇති නිසා" යැයි හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

එමෙන් ම තමා 2014 වර්ෂයේදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව යන විට ඇතැමුන් විවිධ විවේචන එල්ල කළ ද "මම එදා කරපු දේ හරිද වැරදි ද කියලා අද තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂියෙන් අහන්න" යැයි මෙම අවස්ථාවේදී ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය. 

තම පාලන කාලයේ සතයක්වත් ණය අරන් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල ආසන්නයෙන් ඩොලර් මිලියන 5000කට ආසන්න ණය විදේශ රටවලින්, ඒ වගේම ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තියෙනවා. ඒ වගේම එතුමා මේ පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ඒ කියන්නෙ ගත්ත ණය ආපසු ගෙවන්න විශේෂයෙන්ම 2021 වර්ෂයේ ගෙවපු විදේශ ණය වලින් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ යුගයේ ගත්ත ණය තමයි ගෙව්වෙ. ඒ ණය ගෙවීම සඳහා අති විශාල වන්දියක් මේ රටේ ජනතාව ගෙවනවා.

වෙන අය නම් කියන්නෙ ණය ගත්තහම රට උගස් කරනවා කියලා. එතුමා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය උගස් කළා. අද ජනතාවට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.

පොහොර, තෙල් ආදිය රටට ගෙන්වන්නෙ නැතුව ඒවා ඉතිරි කරගත්ත සල්ලි වලින් ණය ගෙවපු නිසා අද රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟ හේතුවත් ඖෂධ ගෙන්වන්නෙ නැතුව රටේ ණය ගෙවන්න ගිය නිසා ඒ වගේම දැන් ඇතිවෙලා තියෙනවා තෙල් හිඟය, ගෑස් හිඟය, විදුලි බල කප්පාදුව. ඒවටත් හේතුව ණය ගෙවන්න සල්ලි පාවිච්චි කරලා තෙල් ගේන්න, ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න සල්ලි නැති හින්දා.

ඉතිං ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය කියන තුනම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙව්වෙ. ඊට අමතරව ඩොලර් මිලියන් 5000ක්. විශේෂයෙන්ම අර අවසාන කාලයේදි අපේ මහ බැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 1.5 ත් එක්ක ඩොලර් මිලියන 5000ක පමණ ණය 2020-21 වසරවල අරන් තියෙනවා.

සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්‍ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වාහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම සහල් තොගය ආරක්ෂිත තොගයක් ලෙස තබන බවත් මෙම සහල් තොගය ජනවාරි මස අවසන් වන විට රට තුළ ගබඩා කිරීමට බලාපොරොත්තු වන බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීය.

මෙම සහල් ගණුදෙනුව ශ්‍රී ලංකා සහ මියන්මාර රජයන් අතර එකක් බව කී එම නිලධාරියා ඒ සඳහා අස්සන් තැබූ බව ද සඳහන් කළේය.

සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද  ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී  ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා  සූදානම්  නැතැයි ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

සෑම මන්ත්‍රිවරයකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද  ඔහු සඳහන් කළේය.

සිදුවන පසුබෑම්වලදී  කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහික වගකීමක් බවත් එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචනය කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

තමා පොරොන්දු වූ වගකීම් කොවිඩ්  හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා   ඉදිරි තෙවසරේදී  ඉටු කිරීමට කැප වන බව ද ජනාධිපතිවරයා මෙහිදී  කීවේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයේදීය.

මෙම උත්සවය එම විද්‍යාලයේදී ඊයේ (7) පෙරවරුවේ  පැවැත්විණ.

ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව පැවසූ ජනාධිපතිවරයා රටක ඉදිරි ගමන වෙනුවෙන් ම  මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැඩ කිරීමේ අවශ්‍යතාවද  අවධාරණය කළේය.

තීරණ ගැනීමේදී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේදැයි පමණක් බලන ලෙසත්  එසේ නොමැතිව  චක්‍රලේඛ දඩමීමා කරගෙන  වැඩ කළ නො හැක්කේ කෙසේදැයි නොබලන ලෙසත් ජනාධිපතිවරයා  පැවසීය.

රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසර තුනේදී පූර්ණ සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන්ම මෙහිදී ඉල්ලීමක් කළේ‍ය.

සිරගත කර සිටි සෞදි කුමරිය නිදහස් කරයි !
106 Views
මෝදි පාලමක හිරවෙයි !
100 Views
ඉන්දියානු ජාතික ගුවන් සේවය විකුණා දමයි....
269 Views
ලංකාවේ මිනිස්සු රජකාලේ ගෙවන ලද බදු සහ දඩ
213 Views
සැබවින්ම එල්ලංගාවක් යනු කුමක්ද? ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය: ශ්‍රී ලංකාව - ශෙවාන් ඩැනියෙල් විසිනි
358 Views
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
258 Views
කොවිඩ් රෝගීන්ට වැලඳෙන කළුපුස් රෝගය ගැන අනතුරු ඇඟවෙයි.
175 Views
සෑම පවුලකටම ආයුර්වේද මංඡුසාවක්
217 Views
ලැම්ඩා (Lambda) ගැන දැනුවත් ද?
273 Views
කළුදුරු තෙල්වල ප‍්‍රතිශක්තිය වඩන ප‍්‍රබල හැකියාවක් ඇත... ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා
283 Views
අද ලොකු සාදයක් !
162 Views
කිං ඛාන්ගේ පුතා රජගේමකදී පොලීසියට මාට්ටු..
196 Views
තිසර පෙරේරා ඇමරිකාවට යාමට සූදානමක්
199 Views
ඉතිහාසයේ පළමුවරට සිංහල ගීතයක විකාශන අයිතිය ඉන්දියානු සමාගමක් ලබාගනී..
363 Views
මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට..
226 Views
රාගම සුප්‍රසිද්ධ ගුරෙක් ලඟ කාලිපූජා තැබූ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපල කවුද ?
299 Views
කාන්තාවක් දැරණියගල සභාපතිගේ නාසය කපලා
282 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views
නවතම අයිෆෝන් 13 මාදිලිය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ?
422 Views
සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ සරාගී බිරිඳ ජෝජිනා
378 Views
හිට් ගොසිප්
චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට
5,519 Views
හෙට මධ්‍යම රාත්‍රියේ සිට රටටම ඇඳිරිනීතිය ???
4,083 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
3,073 Views
ලබන සතියේ නැවතත් 5000 දීමනාව
1,769 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views