Home දේශීය පුවත් QR ක්‍රමය නොසලකා හරින ඉන්ධන පිරවුම්හල්වලට වැඩ වරදින ලකුණු !

QR ක්‍රමය නොසලකා හරින ඉන්ධන පිරවුම්හල්වලට වැඩ වරදින ලකුණු !

by Free News
0 comment

ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (16) දිනයේ පැවැත්වුණා.

එහි දී QR ක්‍රමවේදයට පරිබාහිර ව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව යි වාර්තා වන්නේ.

ඉන්ධන බෙදා හැරීමේ දී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නො කරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවනු ලැබූ බව සඳහන්.

ඊයේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමටත් අවශ්‍ය සැලසුම් සාකච්ඡා කරනු ලැබූ බව ද වාර්තා වනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital