2022 මිස් අර්ත් ඕස්ට්‍රේලියා කිරුළ ශ්‍රී ලාංකික හිමායා විජයවීර විසින් පසුගියදා ජයග්‍රහණය කරනු ලැබීය.
දැනට මෙල්බර්න්හි පදිංචි වී සිටින ඇය වයස අවුරුදු 6 දී ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ.
මේ වන විට ඇය මොනෑශ් විශ්ව විද්‍යාලයේ හෙද උපාධිය සම්බන්ධ දෙවන වසර ශිෂ්‍යාවකි.
මෙම උපාධියෙන් පසුව ඇය තවදුරටත් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ඉගෙනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.