එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය නැවත පනගැන්වීමට ආධාර කළ තවත් ව්‍යාපාරිකයෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය(NIA) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 68 ක්, සිංගප්පූරු ඩොලර් 1000 ක් සහ ග්‍රෑම් 300 රන් බිස්කට් 9 ක් සමඟයි.
චෙන්නායි හි ඔරේන්ජ් පැලස් හෝටලයෙන් සැකකරුට අයත් තවත් ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක් සොයාගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සැකකාර ව්‍යාපාරිකයා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළෙඳාමේ නිරතවී ඇති බව අනාවරණ වී ඇති බවයි.
මේ අතර, පසුගිය වසරේ ජුලි මාසයේ දී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදය පනගැන්වීමට ආධාර කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තා.