Home දේශීය පුවත් LTTE වළ දැමු රත්රන් සෙවූ 7ක් අත්අඩංගුවට

LTTE වළ දැමු රත්රන් සෙවූ 7ක් අත්අඩංගුවට

by Free News
0 comment

මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී LTTE ත්‍රස්තවාදීන් යුද සමයේ වළ දැමු බවට පැවසෙන රන් ආභරණ සෙවූ බවට පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදා ගන්නා ස්කෑන්ර් යන්ත්‍රයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා කඳවුරේ සහ පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව පොළව හැරීම සඳහා යොදා ගත් උපකරණ රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර අනෙක් සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි පිරිසකි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital