ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලැබීම සම්බන්ධයෙන් ජපානය සතුට පළ කරනවා.
ජපාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ශුන්සුකෙ මුටායි මහතා ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට සහාය ලැබුණු ආකාරයටම ජපානය ද ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට මෙන්ම මෙරට යටිතල පහසුකම් සංවර්ධනය අදාළ ව්‍යාපෘති යළි සක්‍රීය කිරීමට ද පූර්ණ සහාය ලබාදෙන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ ආරාධනයකට අනුව පැවති උත්සවයකදීයි ජපාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.