Home දේශීය පුවත් IMF පළමු වාරිකය ඉදිරි දින දෙකේ දී ශ්‍රී ලංකාවට හිමිවෙයි

IMF පළමු වාරිකය ඉදිරි දින දෙකේ දී ශ්‍රී ලංකාවට හිමිවෙයි

by Free News
0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) පළමු අරමුදල් වාරිකය ශ්‍රී ලංකාවට දින 2කින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව IMF හි මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ දෙපාර්තමේන්තුවේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී Peter Breuer මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ (20) අනුමැතිය ලබාදෙනු ලැබීය.

ඒ ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව අධීක්ෂණය කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

පසුගිය ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික කම්පනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. එම අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලාංකීය ජනතාවට, විශේෂයෙන්ම දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති කරන බලපෑම සහ විදේශ මූල්‍ය පහසුකම් සඳහා රට ප්‍රවේශය ප්‍රමාද වීම නිසා ඇතිවන ආර්ථික පිරිවැය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරනු ලැබේ.

You may also like

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital