Home ව්‍යාපාරික පුවත් GMOA සමඟ සණස ගිවිසුමකට

GMOA සමඟ සණස ගිවිසුමකට

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක්වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෝටර් රථ රක්ෂණ හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිනි.

25000කට ආසන්න සාමාජිකත්වයක් සහිත දකුණු ආසියාවේ විශාලම වෛද්‍ය වෘත්තීය සංගමය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට මෙම නව අවබෝධතා ගිවිසුම හරහා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පිරිනමනු ලබන මෝටර් රථ රක්ෂණ පහසුකම් රැසක් සුවිශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකි වනු ඇත.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.

“ලංකාවේ ඉතා කීර්තිමත් සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ ලංකාවේ කීර්තිමත් වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹුනු මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ අපගේ සංගමයේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රැසක් අත් වෙනවා. මෙය අප දෙපාර්ශ්වයටම වැදගත් අවස්ථාවක්.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දර්ශන සිරිසේන මහතා පැවැසීය.

“ලංකාවේ තිබෙන බලවත්ම සහ ප්‍රධානතම වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සේවා සැපැයීමට අවස්ථාව ලැබීම ආයතනයක් ලෙස අපට විශාල ගෞරවයක්. මෙම අවබෝධතාව ඉදිරියට තව දුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට අප අපේක්ෂා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවැසීය.

“සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ වසරක කාලයක් සඳහා අප එළඹුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් ඔවුන්ට ඔවුන්ගේ රක්ෂණ සේවා අපගේ සාමාජිකයන් අතර ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් උදා වෙනවා. එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අප දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ සහයෝගීතාවෙන් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital