Home දේශීය පුවත් e-ගුවන් ගමන් බලපත්‍රයක් ළගදීම

e-ගුවන් ගමන් බලපත්‍රයක් ළගදීම

by Free News
0 comment

මේ වසරේ සිට විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි. නව ගුවන් ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) අලුතින් ඊට එකතු කරන බවත් මේ ක්‍රමවේදය ලෝකයේ බොහෝමයක් රටවල් භාවිතයට ගන්නා බව ත් ඔහු කියා සිටී.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා දිවයින පුරා නව ශාඛා කාර්යාල 54ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු දැනට ක්‍රියාත්මකව පවතින කාර්යාල 4ට අමතරව මෙම නව ශාඛාවන් පිහිටුවන්නට කටයුතු කරන බව ත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, (27) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital