මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව Kandy Falcons කණ්ඩායම සමඟ පැවති තරගය Colombo Stars කණ්ඩායම කඩුලු 6 ක ජයකින් ජය ගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට තේරී පත් වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Colombo Stars කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර අද (දෙසැ. 23) රාත්‍රී 7.30 ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.