Home දේශීය පුවත් ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට

by Free News
0 comment

ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද(16) ඉහළ යා හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව දිවයිනේ නැගෙනහිර , උතුරු මැද පළාත් සහ කොළඹ , ගම්පහ , කුරුණෑගල , මොනරාගල , හම්බන්තොට, කිළිනොච්චිය ,වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තාප දර්ශකය – මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය – ප්‍රවේශම් මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව හැකිතාක් සෙවණෙහි විවේක ගන්නා ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital