දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල 60%කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වේ.
තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 100ත්, 110ත් අතර මිලකටත්, ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක වැනි මිලකටත් අලෙවි වේ.
කෙසේ වෙතත් සිල්ලර මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන බවට පාරිභෝගිකයන් චෝදනා කරයි.