Home ක්‍රීඩා පුවත් 2023 IPL සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 04ක් තෝරාගැනේ

2023 IPL සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 04ක් තෝරාගැනේ

by Free News
0 comment

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ලංසු ඉදිරිපත් කිරීමේ වැඩසටහන පසුගියදා (23) පැවැත්වුණා.

ඒ, 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත IPL තරගාවලිය සඳහායි.

එහිදී IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ විදේශීය ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්.

ඔහුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 18.5කට මිලදී ගෙන තිබෙනවා.

ඒ අනුව 2023 IPL තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 29 දෙනෙකු මිලට ගෙන තිබෙනවා.

මෙම පිරිසට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4ක් ඇතුලත් වනවා.

එම ක්‍රීඩකයින් වන්නේ.,
වනිඳු හසරංග – රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්
මතීෂ පතිරණ – චෙන්නායි සුපර් කිංග්ස්
මහේෂ් තීක්ෂණ – චෙන්නායි සුපර් කිංග්ස්
භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital