Home දේශීය පුවත් 2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අරඹයි

2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අරඹයි

by Free News
0 comment

උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු අද (08) ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, මැදවච්චිය දුම්රිය ස්ථානය අසලදී සුභ මොහොතින් ආරම්භ කෙරිණ.

රුපියල් බිලියන 33ක් වැය වන මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වේ. මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයකටම දායකත්වය ලබා දී ඇති ඉන්දියානු සමාගමක් වන IRCON International සමාගම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

“2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කිරීමට හැකි වුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියටත්, උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන්නන්ටත් අද සුවිශේෂී දිනයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ශ්‍රී ලංකාව ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන මෙවන් අවස්ථාවක අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවත්, ඉන්දීය රජයේ අනුග්‍රහය මත මෙම මහ පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැම සතුටු විය යුතු යැයි.” ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවය අමතමින් පැවසීය.

“උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටස දීර්ඝ කාලීනව කිසිඳු අලුත්වැඩියාවක් නොකල මාර්ග කොටසක් ලෙසයි පැවතුනේ. මෙම තත්වය හඳුනාගැනීමෙන් අනතුරුව තමයි මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපට හැකියාව ලැබෙන්නේ” මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා කිසිඳු භේදයකින් තොරව ජනතාවගේ සහය ලබා දෙන ලෙස අමාත්‍යතුමා සැමගෙන් ඉල්ලා සිටියේය.

මෙම දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව කොළඹ සහ යාපනය අතර දුම්රිය ධාවනයට ගත වූ කාලය පැයකින් පමණ අඩුකරගැනිමට හැකි වන අතර යාපනයේ සිට කොළඹටත්, කොළඹ සිට යාපනයටත් මේ තුලින් භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් විශාල පහසුකමක් සැලසෙයි.

පසුගිය 05 වැනිදා සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මාස 05ක කාලයක් සඳහා අනුරාධපුරය දුම්රිය ස්ථානයට පමණක් සීමා කර ඇත. එතැන් සිට මගීන්ගේ පහසුව සඳහා ලංගම හා පුද්ගලික බස්රථ සමඟ එක්ව මගීන් ප්‍රවාහනය සඳහා වැඩ පිළිවෙලක් සැලසුම් කර ඇත.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වන ලදී.
මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබිලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන රැසැක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital