ලිට්‍රෝ  ගෑස් සමාගමේ  නව සභාපතිවරයා ලෙස  ලෙස නිවාස  සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා පත් කර තිබේ.

හිටපු  සභාපති  තෙසාර  ජයසිංහ  අද (13) එම තනතුරින්  ඉවත් කිරීමෙන් පසු මෙලෙස නව සභාපතිවරයා පත් කෙරිණි. රේණුක පෙරේරා පොදුජන පෙරමුනේ පාලක ලේකම් ලෙස කටයුතු කලේය.

පසුගිය දිනවල දිගින් දිගටම සිදුවූ ලිට්‍රෝ ගෑස් ටැංකි පිපිරීම් නිසා වූ අනතුරු මෙන්ම වෙලඳපලේ ගෑස් හිඟවීම යන කරුණු සේම පරිපාලනයේ අසාර්ථකත්වය නිසාම ලිට්‍රෝ සභාපති, වියත්මග ප්‍රාරම්භක සාමාජික තෙෂාර ජයසිංහ අද සබාපති ධූරයෙන් නෙරපා ඇති බව තොරතුරු වාර්තා වේ. ලිට්‍රෝ ගැස් ප්‍රශ්ණය රජය දැඩිව අපහසුතාවයට පත්කල කරුණක් වු අතර එය කලමණකරණය කරගැනීමට එහි සභාපතිවරයාට හැකියාවක් ලැබුනේ නැහැ. ඒ නිසාම රජයේ ඇමතිවරුන්ගේද දැඩි දෝශදර්ශනයට ලක්වූ ලිට්‍රෝ සභාපතිවරයා ඉවත්කල යුතු බවට දිගින් දිගටම චෝදනා කරන ලදී. 

ඒ අනුව අද දිනයේ තෙෂාර ජයසිංහ ලිට්‍රෝ ගෑස් සභාපති ධූරයෙන් නෙරපාහැර ඇති බව වාර්තා වේ.  

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමේ ආණ්ඩුවේ රහසිගත ගිවිසුමේ ලංකාවට එරෙහි බරපතළ ගැටලු ගණනාවක් පැන නැඟී ඇතැයි ජනතා විමුක්ති  පෙරමුණ  දේශපාලන මණ්ඩල  සභික සුනිල්  හ¾දුන්නෙත්ති අනාවරණය  කළේය.

මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ  2072 දක්වා ක්‍රියාත්මක වීමට නමුත්  2050 වෙන විට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමට  තීරණය ගෙන  තිබෙන බවත්  එසේ නම් 2072 දක්වා අවුරුදු 50කට මේ ගිවිසුම අස්සන් කළේ ඇයි දැයි හ¾දුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි.

මේ ගිවිසුම අස්සන් කිරීමට පෙර ඛනිජ තෙල් ඇමැතිවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා වට කීයක් කළාද? ඉන්දියානු පාර්ශ්වයෙන් සම්බන්ධ වුණේ කවුද? ඔවුන් ලංකාව සමඟ කළ සාකච්ඡා ගැන ලිඛිත වාර්තා තිබෙනවාද? මේ සම්බන්ධයෙන් හදපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ? ඩොලර් මිලියන 550කට තක්සේරු කළ වාර්තාව කෝ? යන ප්‍රශ්නවලට ඍජු  උත්තර  රජය විසින්  ලබාදිය යුතු  යැයි ඒ මහතා අවධාරණය  කළේය.

මේ කරුණුවලින් ඉතා පැහැදිලි වන්නේ ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව  හා අනාගත පැවැත්ම තීරණය කිරීමේ අයිතිය දී තිබෙන්නේ ඉන්දියාවට බවද ඔහු පෙන්වා දුන්නේය.

තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ප්‍රශ්නය, කොළඹ පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ඔවුන් ඇතුළු වීම සලකා බැලිය යුත්තේ භූ දේශපාලනික කරුණු මත සිට බැවින් 2002 සිට ඉන්දියාවේ උත්සාහය, ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට පාලමක් ඉදි කිරීමට බවත් 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාලම ඉදි කිරීම පිළිබඳ වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඉන්දීය ප්‍රවාහන ඇමැතිවරයාට ඉදිරිපත් කළ බවත්  ඔහු සිහිපත් කළේය.

 මේ පාලම ඉදි කිරීමෙන් තලෙයිමන්නාරම, මන්නාරම, පෙරියන්කුලම ඒ 30 පාර. වවුනියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, ඒ 39 පාර, ත්‍රිකුණාමලය ඒ 12 පාර යා කරන්න සැලසුමක් තිබෙන බවත්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ගත්තාම දකුණු පැත්තෙන් වටේ නොගොස් තලෙයිමන්නාරමේ සිට යෑමට මාර්ගයක් හැදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. 

ඒ අනුව ධනුෂ්කොඩි සිට ත්‍රිකුණාමලයට ඉතාම කෙටි පාරක් මෙලෙස සැලසුම් කර තිබෙන බව මේ රටේ ජනතාවට අවධාරණය කරන අතර පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට කෙටිම මඟකින් පැමිණ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේ අභිලාෂයක් ඉන්දියාවට තිබෙන බවත් හෙතෙම පැවැසීය. ඊයේ (12දා) පක්ෂ  මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ කරුණු අනාවරණය කළේය.

තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම නිසා එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වන විට තේ කර්මාන්තයේ විශාල කඩා වැටීමක් සිදු විය හැකි බව මැද මහනුවර කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න පැවැසීය.

මෙමඟින් කුඩා තේ වතු ක්‍ෂේත්‍රයට සම්බන්ධ පවුල්වල ලක්‍ෂ 30ක පමණ පිරිසකගේ ජීවිත මහත් අර්බුදයට තල්ලු වනු ඇති බව සෙනෙවිරත්න මහතා කීය.

අධික පෑවිල්ල නිසා තේ ගස් මැරී යෑමේ ප්‍රවණතාවක් ඉදිරි මාස 3ක කාලය තුළදී වැඩි විය හැකි බවද සභාපතිවරයා අවධාරණය කළේය.

අපනයන තේ නිෂ්පාදනයෙන් සියයට 75ක දායකත්වය සපයන්නේ කුඩා තේ වතු හිමියන් බවද ඔහු ප්‍රකාශ කළේය. ඇතැම් කම්හල්වල නිෂ්පාදනය සතියේ දින තුනකට සීමා වී ඇතැයිද සභාපතිවරයා පැවැසීය.

තේ කර්මාන්තය කඩා වැටීමෙන් කුඩා තේ වතු ආශ්‍රිත රැකියාවල නියුතු පවුල් ලක්‍ෂ තිහකට ආසන්න ප්‍රමාණයකගේ ආර්ථිකය සහමුලින්ම කඩා වැටෙන බවද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2012 නොවැම්බර් 09 වැනි හා 10 වැනි දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ කැරැල්ලේදී රැඳවියන් අට දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනා තිස් තුනෙන් එක් චෝදනාවකට පමණක් වැරැදිකරු වූ එවක හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (12දා) මරණ දඬුවම නියම කළේය.

එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියොමාල් රංගජීව යන අය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර නොමැති බවට තීරණය කරමින්, ඔහු සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල නියම කළේය.

මෙම තීන්දුව විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනා විසින්ම ඒකමතිකව සියලු නිගමනයන්ට පැමිණ ගන්නා ලද සමස්ත අධිකරණ තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ගිහාන් කුලතුංග (සභාපති විනිසුරු), ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව ඊයේ දින තීන්දුව සඳහා කැඳවනු ලැබීය. 

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එවක මැගසින් බන්ධනාගාර අධිකාරිව සිටි එමිල් රන්ජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර තිබූ චෝදනා අතරින් චෝදනා හතරකින් විත්තිකරු නි‍ෙදාස්කොට නිදහස් කළ විනිසුරු මඬුල්ල නඩුවේ 33 වැනි චෝදනාව ලෙස ගොනු කර තිබූ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කොණ්ඩ අමිල නම් රැඳවියා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සෘජු සාක්ෂි හා එම රැඳවියා එම කාලය අතර තුළ ඝාතනය වී ඇති බවට පවතින පරිවේෂණ සාක්ෂි, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන කුඩා බණ්ඩාර යන අයගේ සාක්ෂිය ඇතුළු සාක්ෂිකරුවන් හතර දෙනකුගේ සාක්ෂි මත ඔප්පු වන බවට ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල ඒ අනුව විත්තිකරු එම චෝදනාවට වැරැදිකරු වන බව ප්‍රකාශ කළේය. 

එසේම විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් එවක මැගසින් බන්ධනාගාර අධිකාරිව සිටි එමිල් රන්ජන් ළමාහේවා විසින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිවාචිකව ඔහුගේ සාක්ෂිකරුවන්ගේ පැවැති සාක්ෂි ලබාදීමේ පරස්පරතාව හේතුවෙන් පිළිගත නොහැකි විත්තිවාචිකයක් ලෙසින් තීරණය කරමින්  ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවැසීය. 

ඒ අනුව පළමු විත්තිකරු හිටපු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව යන අයට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ලට ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව තීරණය කරමින් ඔහු සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2014 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ විමර්ශන කටයුතු ඉතාමත් මන්දගාමී අයුරින් වරදකරුවන් සොයා ගැනීම පසෙක තබා සිදු වී ඇති බවට නිරීක්ෂණය වන බවත් 2017 වසරේ සිට ඉතාමත් ඉක්මනින් විමර්ශන කටයුතු නැවත ආරම්භ කර ඇති බවද නිරීක්ෂණය වන බව පැවසූ  විනිසුරු මඬුල්ල කිසි ලෙසකින් එම විමර්ශන කටයුතු විත්තිකරුවන්ට අගතියක් ඇතිවන ලෙසට බලපෑමක් ඇති වී නොමැති බව පැවැසීය.

2012 වසරේ නොවැම්බර් මස නව (09) වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි රඳවා සිටි සැකකරුවන් 8 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා තිස් තුනක් යටතේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව  හා බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරී ඉන්දික සම්පත් යන විත්තිකරුවන් තිදෙනකුට  එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේ මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබිණි.

අධිචෝදනා අතරෙන්  එක, තුන සහ 13 සිට 33 දක්වා වූ අධිචෝදනා දහඅටක් විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව ගොනුකර ඇති අතර අධි චෝදනා පහළොවක් පළමුවැනි විත්තිකාර  එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට එරෙහිව ගොනු කර තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 2012 එකොළොස්වැනි මාසයේ නව වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවී තහනම් භාණ්ඩ සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතරතුරදී සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි සියතට ගෙන කලහකාරී ලෙස හැසිරී තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් කළ දැනුම්දීම අනුව එදින මධ්‍යම රාත්‍රියේ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිලධාරීන් කැරැල්ල මැඬපවත්වා සිරකරුවන් භාරයේ තිබූ ගිනි අවි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන්ට භාරදී තිබූ බවට පැමිණිල්ලේ සටහන් වී තිබිණි.

පසුදින එනම් දහවැනිදා අලුයම හතරට පමණ සිවිල් ඇ¾දුමින් සැරසී පළමුවැනි විත්තිකාර පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දෙවැනි විත්තිකාර එමිල් රන්ජන් හා තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි නිලධාරි ඉන්දික සම්පත් නමැත්තා සමඟ එක්ව යුද හමුදා නිලධාරී විසින් ඒ වන විට දණගස්වා සිටි සැකකරුවන් අතර තවත් සිරකරුවන් අසලට ගොස් ඇති බව  පැමිණිල්ල මඟින් අධිකරණයට දන්වා තිබිණි.

ඔවුන් එලෙස දණ ගසා සිටි සිරකරුවන් අතර සිටි කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ව තෝරාගෙන බන්ධනාගාර භූමිය තුළ පිහිටි කාර්මික ඒකකය දෙසට රැගෙන යෑමෙන් අනතුරුව විටින් විට වෙඩි හඬ නැඟුªණු බව පසුව එලෙස රැගෙන ගිය සිරකරුවන් දෙනකුගේ          මළසිරුරු දක්නට ලැබුණු බවත් පැමිණිල්ලේ කියැවිණි.

මෙම සිද්ධියට අදාළව නඩුව 2019 වසරේ සිට විභාගයට ගැනුණු අතර එහි තුන්වන විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරි ඉන්දික සම්පත් නමැත්තා 2020 ජූලි මස 15 වැනි දින විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔහුට එරෙහිව ඇති චෝදනා අනාවරණය නොවන බවට තීරණය කරමින් අධිකරණය මඟිින් නි‍ෙදාස් කොට නිදහස් කර තිබිණි.

අනතුරුව එදින පැමිණිල්ලේ නඩු විභාගය අවසන් වූ අතර පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවන් තිස්පස් දෙනකුත් නඩු භාණ්ඩ 78කුත් සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර විත්තියේ නඩුව අගෝස්තු 19 වැනි දින සිට විභාගයට ගැනිණි.

2021 දෙසැම්බර් මස 10 වැනි දින විත්තියේ නඩුව විභාග කර අවසන් කිරීමෙන් අනතුරුව  තීන්දුව සඳහා 2022 ජනවාරි මස 6 වැනි දිනට කල් තැබුණු අතර එදිනද නඩුවේ තීන්දුව සකස් කර නොමැති වීම මත ඊයේ දින (12දා)  ජනවාරි ‍ෙදාළොස් වන දින දක්වා තීන්දුව කල් තැබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ සංජය ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මරණ දඬුවමට ලක්වූ විත්තිකාර එමිල් රන්ජන් යන අය කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී. 

රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ගොවිජනතාව මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේදීත් අඩුපාඩු රාශියක් සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

කෙසේ වුවත් ඉදිරි යල කන්නයට මුහුණදීමේදී කාබනික වගාව සාර්ථක කරගැනීමට රජය විශාල උත්සාහයක් දරණ බව කී ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රජයේ මේ හා සම්බන්ධ ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

චීන පොහොර නැවක් නැවත එනවා දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්, තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත්ය. ඒ ගැන පරීක්‍ෂණයක් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්,ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්‍ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ නොදකින ප්‍රශ්න රාශියක් ඇති බවත්, ඒ අනුව යම් වරදක් වී ඇතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ (2023) මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහ නගර සභා, නගර සභාව සහ ප්‍රාදේශීය සභා 2023 වසරේ මාර්තු 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට ක්‍රියා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැඟී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ ඊයේ (10දා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැනනැඟී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

ශ්‍රී  ලංකාව සතු ගල්අඟුරු සංචිතය විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වන අතර ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකී සිටිය හැකි බවද නිලධාරීහු පවසති.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යෑමට සියලු පියවර ගෙන ඇතැයිද විදුලිබල හා බලශක්ති ඇමැතිවරු සඳහන් කළේය.

ඇමැති ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

වැල්ලවත්ත පොලිසියට ලැබුණු පණිවුඩයකට අනුව වැල්ලවත්ත මුහුද මාවත වෙරළේ තිබී අනෙක් මළසිරුර සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙම මළසිරුරු දෙකම ඉතාමත් නරක්වී තිබූ බවය. මළසිරුරු දෙකම වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පිරිමි මළසිරුරු වේ. මොවුන්ගේ සිරුරු දින දහයකට පමණ කාලයක් මුහුදු වතුරේ තිබීම නිසා මෙසේ නරක් වී ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

කෙසේ වෙතත් මෙම මළසිරුරු විදේශ රටකින් පාවී මෙසේ මුහුදු වෙරළට ගලාගෙන පැමිණියේද යන්න පිළිබඳ සැකයක් පවතී.  බම්බලපිටිය හා වැල්ලවත්ත පොලිස් වසම්වලින් හමුවූ මළසිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර එම මළසිරුරු හඳුනාගැනීම  සඳහා කළුබෝවිල මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණද පැවැත්වීමට නියමිත බවත් මේ පිළිබඳ කළ විමසීමකදී කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතන්ත්‍රි මහතා කියයි. 

මොවුන් කවුරුන්දැයි හඳුනාගැනීම සඳහා ඉදිරි විමර්ශනවලදී අවශ්‍ය වුවහොත් ඩී.එන්.ඒ. පරීක්ෂණයක්ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.

මොවුන් මියගියේ කෙසේද යන්න නිශ්චය කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එවිට මෙම පුද්ගල මරණ ඝාතනයක්ද නැතහොත් දියේ ගිලීමක්ද යන්න අනාවරණය කරගත හැකි බවත් පොලිසිය කියයි.

කෙසේ වෙතත් පොලිසියේ මූලික විමර්ශනය වී ඇත්තේ මියගිය වූවන් කවුදැයි හඳුනා ගැනීම බවත් සඳහන් වේ.

ඒ සඳහා නිවෙස්වලින් අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු එක්රැස් කරමින් සිටින බව පොලිසිය කියයි.

මොවුන් දෙදෙනාගේ මරණ එක දිනයක සිදුවී ඇතැයි යන සැකය මතද විමර්ශන ආරම්භ කර තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතන්ත්‍රි මහතාගේ උපදෙස් මත බම්බලපිටිය හා වැල්ලවත්ත පොලිස් ස්ථාන විධිමත් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මේ අතර කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල ඇළ මාර්ගයේ තිබී තවත් පිරිමි මළසිරුරක් සොයාගෙන ඇත.

මොහුගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැතත් මොහු මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. ඒ ඔහුගේ මළසිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබීමයි.

මොහුගේ මරණය කෙසේ සිදුවීද යන්න සොයා ගැනීම  සඳහා වැල්ලම්පිටිය පොලිසියද පරීක්‍ෂණයක් අරඹා තිබේ.

නොසැලකිලිමත්ව රිය පැදවීම මඟින්, මහමඟ ගමන්ගත් තරුණයකු තම  රියට යටකොට පලායෑම, තුවාලකරුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසිදු පියවරක් නොගැනීම, තමන් එවකට දැරූ ඇමැති පදවියේ බලය භාවිත කොට, රිය පැදවූ තැනැත්තා ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීමෙන් අධිකරණය මුළා කිරීම යන චෝදනා යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙසට ඉල්ලා සිටිමින් හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා විසින් සිය නීතිඥවරයා මඟින් ඊයේ (10දා) කරන ලද අතුරු සහන ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඵලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ නීතිපතිවරයා වෙනුවෙන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම පිළිගනිමිනි. 

අභියාචනාධිකරණයේ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගෙන් හා විනිසුරු ප්‍රභා කුමාරත්නම් මහතාගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම රිට් පෙත්සම් විමසුම සිදුවිය. 

රජයේ නීතිඥ අකිලා දල්පතාදු මෙනෙවියගේද සහාය ඇතිව කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, පෙත්සම් පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට සිය විරෝධතාව පළකරමින් කියා සිටියේ, 2016 පෙබරවාරි මස 28 වැනි දින රාත්‍රි 9.55ට රාජගිරියේදී හිටපු ඇමැතිවරයා විසින් සිදුකරන ලද මෙම විනාශකාරී රිය අනතුර නිසා සිය තාරුණ්‍යය අහිමිව සිටින 24 හැවිරිදි සංදීප් සංජය ගුණවර්ධන නම් අසරණ තරුණයා රෝද පුටුවක තබාගෙන එහා මෙහා රැගෙන යෑමට අසරණ පියාට තවමත් සිදුව ඇති බවත් අනතුර  සිදුවීමෙන් පසු ඒ මොහොතේම හිටපු ඇමැතිවරයා හඳුනාගත් වින්දිත පාර්ශ්වය අන් කිසි උපකාරයක් අනවශ්‍ය බවත් තම දරුවා පමණක් සුවපත් කර දෙන ලෙසත් කෙතරම් ඇවිටිලි කළද ඔහුට කිසිදු පිහිටක් නොවී ඇති බවද කියා සිටියේය. 

තවද මෙය රිය අනතුරු නඩුවකට වඩා බොහෝ වෙනස් වූ නඩුවක් වන්නේ, නීතියේ ‘ආධිපත්‍යය’ රැක ගැනීම පිළිබඳව වන නඩුවක් නිසා බවත් තමා දරා සිටි ඇමැති ධුරයේ බලය පතුරුවා, පොලිසියට තුවාලකරු විසින් දෙන ලද කටඋත්තරයේ පාඨලී චම්පික ඇමැති යනුවෙන් වූ වාක්‍යයට තවත් අකුරු 05ක් එකතු කරමින් “පාඨලී චම්පික ඇමැතිගේ රියැදුරු” වශයෙන් වෙනස් කොට ඔහුගේ රියැදුරු තුසිත කුමාර නමැත්තාට එරෙහිව රථවාහන නඩුවක් පවරා ඔහුට වරද පිළිගන්නට සලස්වා සියල්ල උඩුයටිකුරු කිරීමට පෙත්සම්කාර හිටපු ඇමැතිවරයා ඉතාමත්ම දුර්දාන්ත ලෙස ක්‍රියාකොට ඇති බවත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් මහතා කියා සිටියේය. 

මෙම රිය අනතුර සිදුවන්නේ වැලිකඩ පොලිස් වසම තුළ, වැලිකඩට ඉතාමත්ම ආසන්න රාජගිරියේදී වුවත් දීර්ඝ කාලයක් තිස්සේ වැලිකඩ පොලිසිය ඉදිරිපිටින් පාර්ලිමේන්තුවට පවා ආ ගිය හිටපු ඇමැතිවරයා ඒ මොහොතේ වැලිකඩ පොලිසියට අනතුර වාර්තා කිරීමෙන් වැළකී බොරැල්ල පොලිසියට ගොස් සියලු කරුණු තමන්ගේ අවශ්‍යතාව පරිදි තමන් ආරක්ෂා වන ආකාරයට පෙළගස්වා පසුව වැලිකඩ පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති ආකාරයෙන්ම කුමන්ත්‍රණකාරී ලෙස මෙම නඩුව පෙළගස්වා ඇති බව තහවුරු වන බවද මෙලෙස නීතියේ ආධිපත්‍යය සුනුවිසුනු කොට යුක්තිය කුඩුපට්ටම් කරන්නට ඇමැතිකමට හෝ වෙනත් කුමන පට්ටමකට හෝ ඉඩ නොතැබීම අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තුවේත් පරම වගකීම බවද ඔහු කියාසිටියේය.

පැමිණිල්ලේ සැකකාර හිටපු ඇමැතිවරයාගේ නමට අකුරු 05ක් එකතු කොට එය වෙනස් කරනු ලැබූ බවට වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු විසින්ම ප්‍රකාශ ලබාදී ඇති බවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් මහතා කියා සිටියේය.

තවද හිටපු ඇමැති පෙත්සම්කරුගේ පෞද්ගලික සහකාර වූ තිලකසිරි නමැති අයගේ ඉල්ලීම පරිදි තමා රිය පැදවූ තැනැත්තා ලෙස ඉදිරිපත් වූ බවට තුසිත කුමාර නමැති අය අධිකරණය හමුවේම දිවුරුම් පිට ප්‍රකාශ කොට ඇති බවද නොකළ වරදකට වැරැදිකරු බවට පිළිගත්තේ එම පෙලඹවීම මත බව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන්කොට ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තවද පෙත්සම් පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරුන්ගේ ස්ථාවරය වී ඇත්තේ යම් චෝදනාවක් විභාගකොට වරදකරු ලෙස යම් අයකු තහවුරු කොටගෙන දඬුවම්ද නියම කිරීමෙන් පසු එම නඩුව අවසන් වන බවත් යළි එම පැමිණිල්ල විභාග කිරීමට කිසිදු ඉඩක් නොමැති බවටත් වුවද ස්වාභාවික යුක්ති ධර්මය සියල්ලටම ඉහළින් සිටින බැවින් එදා වරදකරු ලෙස වරද පිළිගත් තැනැත්තාම එලෙස වරද පිළිගන්නට ක්‍රියාකරන ලද්දේ යම් බලපෑමක් මත හෝ පෙලඹවීමක් මත හෝ වන බවට පාපෝච්චාරණයක් සිදුකරන්නේ නම් එය පිළිගැනීම පමණක් නොව එලෙස සිදුකරනු ලැබ ඇති පෙලඹවීම සිදුකරනු ලැබ ඇත්තේ කවුරුන් විසින්ද යන්න විනිශ්චය කොටගෙන ඔහුට හෝ ඇයට නිසි දඬුවම් ලබාදීමද ‘නීතියේ ආධිපත්‍ය’ ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වන බවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් මහතා විනිසුරු මඬුල්ල හමුවේ කියා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර චම්පික රණවක මහතා  වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමඟ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සහකාර පොලිස් අධිකාරි අස්මඩල මහතා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ‘රිට්’ පෙත්සම් විභාගයේදී කරුණු දැක්වීය.

මෙම රිට් පෙත්සම් විමසුම මේ මස 24 වැනි දිනට කල් තැබුණු අතර තවදුරටත් පෙත්සම් විභාගය පවත්වාගෙන යෑම සඳහා සෙසු පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳව තීන්දුව (නියෝගය) එදිනට ප්‍රකාශ කිරීමට නියමිතය.

පාඨලී චම්පික රණවක ගොනු කළ පෙත්සමේ සඳහන් වන්නේ අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා 2016 වසරේදී තරුණයකු බරපතළ ලෙස අනතුරට ලක්කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසං කිරීම ඇතුළු චෝදනා යටතේ තමන් ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි. එහිදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහාධිකරණ විනිසුරුවරයා නඩුව දිගටම විභාග කිරීමට ගත් මෙම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් අදාළ මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින බවත් පැවැසීය. 

එම චෝදනාවලින් තම සේවාදායකයා නිදහස් කරන හැටියට ඉල්ලා සිටි හෙතෙම මහාධිකරණය හමුවේ නඩුව විභාග කිරීමට එරෙහිව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.  

 

සිරගත කර සිටි සෞදි කුමරිය නිදහස් කරයි !
106 Views
මෝදි පාලමක හිරවෙයි !
100 Views
ඉන්දියානු ජාතික ගුවන් සේවය විකුණා දමයි....
269 Views
ලංකාවේ මිනිස්සු රජකාලේ ගෙවන ලද බදු සහ දඩ
213 Views
සැබවින්ම එල්ලංගාවක් යනු කුමක්ද? ලොවේ එකම වැව් ශිෂ්ටාචාරය: ශ්‍රී ලංකාව - ශෙවාන් ඩැනියෙල් විසිනි
358 Views
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
258 Views
කොවිඩ් රෝගීන්ට වැලඳෙන කළුපුස් රෝගය ගැන අනතුරු ඇඟවෙයි.
175 Views
සෑම පවුලකටම ආයුර්වේද මංඡුසාවක්
217 Views
ලැම්ඩා (Lambda) ගැන දැනුවත් ද?
273 Views
කළුදුරු තෙල්වල ප‍්‍රතිශක්තිය වඩන ප‍්‍රබල හැකියාවක් ඇත... ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා
283 Views
අද ලොකු සාදයක් !
162 Views
කිං ඛාන්ගේ පුතා රජගේමකදී පොලීසියට මාට්ටු..
196 Views
තිසර පෙරේරා ඇමරිකාවට යාමට සූදානමක්
199 Views
ඉතිහාසයේ පළමුවරට සිංහල ගීතයක විකාශන අයිතිය ඉන්දියානු සමාගමක් ලබාගනී..
363 Views
මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට..
226 Views
රාගම සුප්‍රසිද්ධ ගුරෙක් ලඟ කාලිපූජා තැබූ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපල කවුද ?
299 Views
කාන්තාවක් දැරණියගල සභාපතිගේ නාසය කපලා
282 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views
නවතම අයිෆෝන් 13 මාදිලිය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ?
422 Views
සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ සරාගී බිරිඳ ජෝජිනා
378 Views
හිට් ගොසිප්
චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට
5,519 Views
හෙට මධ්‍යම රාත්‍රියේ සිට රටටම ඇඳිරිනීතිය ???
4,083 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
3,073 Views
ලබන සතියේ නැවතත් 5000 දීමනාව
1,769 Views
පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන යුවලට ඇප
1,699 Views