Home දේශීය පුවත් 2022 අවුරුද්දේ වාර්තාගත සුරාබදු ආදායමක්

2022 අවුරුද්දේ වාර්තාගත සුරාබදු ආදායමක්

by Free News
0 comment

සුරාබදු දෙපාර්තමේන්තුව එහි ඉහළම වාර්ෂික ආදායම 2022 වර්ෂයේදී උපයා ඇති බවට එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී රුපියල් බිලියන 170ක් උපයා ඇති බව සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, 2023 වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවයි.

මේ අතර දේශීයව නිෂ්පාදනය කරන මධ්‍යසාර සඳහා තත්ත්ව සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළා.

මීට අමතරව වෙළඳපොලේ ඇති බොහෝ මත්පැන් වර්ග සඳහා තත්ත්ව සහතික කිරීමද සිදුකර තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital