Home දේශීය පුවත් ෆේස් බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර – 34ක් අත්අඩංගුවට

ෆේස් බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර – 34ක් අත්අඩංගුවට

by Free News
0 comment

නීතිවිරෝධි අයුරින් සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි.

ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය.

සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital