ඇමරිකාවේ එදා මෙදා තුළ සිදු වූ බරපතළ ම හෙජින් අරමුදල් අභ්‍යන්තර වෙළෙඳ වංචාවේ ප්‍රධාන මොළකරුවා ලෙස හැඳින්වෙන රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඔහු ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙක්.
අදාළ මූල්‍ය වංචාව හේතුවෙන් ඇමරිකානු අධිකරණය විසින් ඔහුට වසර 11ක සිර දඬුවක් ද නියම කළා.
රාජ් රාජරත්නම් මෙරටට පැමිණීමෙන් පසු මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලඥයන් කිහිප දෙනෙකු ද හමු වීමට නියමිත බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
හෙජින් අරමුදල් වංචාව ඇතුළු වැරැදි ගණනාවක් මත 2009 වසරේ දී රාජ් රාජරත්නම් ව ඇමරිකානු ෆෙඩරල් බුද්ධි කාර්‍යාංශයෙ හෙවත් එෆ්.බී.එයි මඟින් අත් අඩංගුවට ගනු ලැබුවා.
එම චෝදනාව යටතේ යි රාජ් රාජරත්නම් ව 2011 වසරේ දී වසර 11ක් සඳහා සිරගත කෙරුණේ.
කොටි ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා ඇති බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අත් හිටවෙන ලද දෙමළ පුනරුත්ථාපන සංවිධානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.5කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජ් රාජරත්නම්ට චෝදනා එල්ල වනවා.
මෙම සංවිධානය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මඟින් වත්කම් අත් හිටුවන ලද සංවිධානයක්.