හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී.එච්.පියසේන අද( 17 ) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අක්කරපත්තුව පොලිසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොතුවිල් – අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී බස් රථයක ගැටී අනතුරට ලක්වූ බවයි.
තුවාල ලබා සිටි හිටපු මන්ත්‍රී පියසේන එම අවස්ථාවේම අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රිය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි.
පි.එචි.පියසේන 2010 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සංවිධායක යටතේ තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.