Home දේශපාලනය හිටපු ඇමති ‍ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව විභාගයට !

හිටපු ඇමති ‍ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව විභාගයට !

by Free News
0 comment

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති අල්ලස් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

අල්ලස් පනත ප්‍රකාරව විමර්ශනයේදී අවශ්‍ය කොමසාරිස්වරුන් තිදෙනාගේම නිර්දේශය ලබාගෙන නොමැති බැවින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත්කර තිබූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නඩුව විභාගයට ගැනීමට නියමකර තිබේ.

ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මැයි මස 10 වනදා යළි කැඳවීමට නියමකෙරිණි.

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවටත් එමගින් රජයට පාඩු සිදුකළ බවටත් එවකට වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එරාජ් ප්‍රනාන්දු යන අය ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු ගොනුකොට තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital