Home විදේශීය පුවත් හැරී ගීනස් පොතට

හැරී ගීනස් පොතට

by Free News
0 comment

පළමු දිනයේදී ලොව වැඩියෙන්ම අලෙවි වූ ප්‍රබන්ධයක් නොවන කෘතිය ලෙස හැරී කුමරුගේ Spare කෘතිය ගීනස් වාර්තාවක් තැබීමට සමත් වූ බව තහවුරු වී ඇතැයි සුප්‍රකට ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

කෘතිය නිකුත් කළ පළමු දිනයේදී එහි අලෙවිය පිටපත් මිලියන 1.43කි. මීට පෙර පළමු දිනයේදී වැඩියෙන්ම අලෙවි වූ ප්‍රබන්ධයක් නොවන කෘතිය ලෙස ගීනස් වාර්තාවට හිමිකම් කියා ඇත්තේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ මතක සටහන් ඇතුළත් A Promised Land කෘතියයි. එය පළමු දිනයේදී පිටපත් අටලක්ෂ අසූහත්දහසක් අලෙවි වූ බවට වාර්තා වේ.

හැරී කුමරුගේ කෘතිය ප්‍රකාශයට පත් කළ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනයේ නිවේදනයකට අනුව මේ වන විට එම කෘතියේ දෙවැනි මුද්‍රණය වෙළෙඳපොළට නිකුත් කර ඇත.

පළමු මුද්‍රණයේ පිටපත් මිලියන 2ක් දින 5ක් ඇතුළත අලෙවි වී ඇතැයි ද වාර්තා වේ.

චාල්ස් පිය රජුගෙන් සහ සොහොයුරු විලියම් කුමරුගෙන් තමාට සහ අමෙරිකානු ජාතික තම බිරියට සිදු වූ කෙනෙහෙලිකම් එම කෘතියට පාදක වී ඇත. පිටු 416කින් සමන්විත එම කෘතිය භාෂා 15කට පරිවර්තනය වී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital