Home දේශීය පුවත් හරක් කටාගෙන් හා කුඩු සළිඳුගෙන් ප්‍රශ්න කරන්න පොලිස් අංශ දෙකකට අවසර

හරක් කටාගෙන් හා කුඩු සළිඳුගෙන් ප්‍රශ්න කරන්න පොලිස් අංශ දෙකකට අවසර

by Free News
0 comment

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආ හරක් කටා සහ කුඩු සළිඳු නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (07) සිට අවස්ථාව ලබා දී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයට අනුව අත්අඩංගුවට ගනු ලබන්නේ මාර්තු 01 වෙනිදාය. මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මාර්තු 13 ඔවුන් දෙදෙනාව භාරගෙන මෙරටට රැගෙන එන්නේ මාර්තු 15 වෙනිදාය. එදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90ක කාලයක රැඳවුම් නියෝගයකින් රඳවාගෙන සිටින මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැරුණු කොට වෙන කිසිදු විමර්ශන අංශයකට මෙතෙක් අවස්ථාවක් ලැබුණේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරිම් හමුවේදී මෙම අපරාධකරුවන් දෙදෙනාගේ පාතාල අපරාධ ජාලය ගැන මෙන්ම ඔවුන්ගේ සම්බන්ධකම් ගැනද බොහෝ තොරතුරු හෙළිවී තිබේ. පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකු ගැන පවා ඔවුන්ගෙන් තොරතුරු හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් කළ ප්‍රශ්න කර ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනාගේ වත්කම් සම්බන්ධයෙනි. මේ වන විට ඔවුන්ට අයත් වත්කම් සම්බන්ධයෙන් වාර්තා රැසක් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සතුව තිබේ. එම වත්කම් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ වත්කම් හැම දෙයක්ම තහනම් කර ඇති බැවින් තමන්ට දැන් ඇති වත්කමක් නොමැති බවය. නමුත් තහනම් කළ වත්කම් හැරුණුකොට මොවුන් දෙදෙනා සතුව දෙස් විදෙස් තවත් වත්කම් රැසක් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ මත්කුඩු ජාලය සම්බන්ධයෙනි. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට ඉහළින් තවත් ප්‍රබලයින් කිහිපදෙනෙක් සිටින බවය. ඔවුන්ගේ මත්කුඩු හරක් කටා සහ කුඩු සළිඳු විසින් කර ඇත්තේ බෙදා හැරීම පමණක් බවත් ඔවුන් පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ ඝෘජුව සම්බන්ධ වෙමින් මත්කුඩු මෙරටට රැගෙන ආ බවක් පැහැදිලිවම මෙතෙක් හෙළිවී නොමැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී හරක් කටාට සහ කුඩු සළිඳුට ඉහළින් සිටින අය හඳුනා ගැනීමට හැකි වීම ඉදිරි විමර්ශනවලට ලොකු පිටිවහලක් වී ඇති බව ද සඳහන්ය. ඒ පස්දෙනා අතුරින් කිහිපදෙනෙකුවම මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කල්තියා හඳුනාගෙන සිටි අය වීම විශේෂිතය. ඒ අය සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් මේ වන විටත් පවතින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital