Home දේශීය පුවත් හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට සාකච්ඡාවක්

හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට සාකච්ඡාවක්

by Free News
0 comment

ශ්‍රී ලංකාව තුළ හිඟයක් පවතින හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති හමුවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත. නවදිල්ලියේ මුදල් අමාත්‍යාංශයේදී එම හමුව ඊයේ(14) සිදුවිය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යටතේ ඉතිරිව ඇති මුදල ඖෂධ ආනයනයට යොදා ගැනීමට අපේක්ෂා කරන බව එහි දී සදහන් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ.

විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡා සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා, අමාත්‍ය සීතාරාමන් මහත්මියව දැනුවත් කර ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital