Home දේශීය පුවත් සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවා!

සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවා!

by Free News
0 comment

අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවා!” ‍යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

තෛපොංගල් දින පණිවිඩය :

ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරන්නේ මහත් සතුටිනි.

කෘෂිකර්මාන්තය හා බැඳුනු ‍තෛපොංගල් උත්සවයේ දී සරු අස්වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරයි.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස ද මෙවර තෛපොංගල් උත්සවය සැලකිය හැකිය.
කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමු කර තිබෙන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වයට ගැළපෙන, තාක්ෂණය මත පදනම් වූ ඵලදායී තිරසාර සහ ලාභදායි කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාවයි.

රජයේ මෙම නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ‍වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් වූ මෙම තෛපොංගල් දිනයේ දී මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දමිල ජනතාවට සෞභාග්‍යමත් සුබ තෛපොංගල් සැමරුමක් වේවායි සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital