Home දේශීය පුවත් සේපාල අත්අඩංගුවට !

සේපාල අත්අඩංගුවට !

by Free News
0 comment

ශ්‍රී දළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් ලබාදීමේ චෝදනාව මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්වන සේපාල අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස ඔහු විසින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබිණ.

එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවය.

සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරමින් කියා ඇත්තේ, මෙමගින් රටේ සංහිඳියාව බිඳ දැමීමට හිතාමතා කටයුතු කර ඇති බවය.

එමෙන්ම බෞද්ධාගමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසී පූජ්‍ය කොටහේනේ නාරද හිමි සහ සිවිල් සංවිධාන කිහිපයක් පොලිස්පතිවරයාට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital