Home විදේශීය පුවත් සුෂාන්ත් සිංගේ මරණය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

සුෂාන්ත් සිංගේ මරණය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

by Free News
0 comment

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය, සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ.

34 හැවිරිදි වියේ පසු වූ සුෂාන්ත් සිං රාජ්පුත් 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි ඔහුගේ නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

වසර 2ක් ගතවී ඇතත් ඔහුගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් මැවෙන පුවත් අවසන් වී නොමැත.

ඒ අයුරින් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇති පුවතක් වෙත නැවතත් ලෝකයේම අවධානය යොමුව තිබේ.

එහි සඳහන් වන්නේ සුෂාන්ත් සිං ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් ය.

සුෂාන්ත් ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියෙකු විසින් ඉන්දීය රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර තිබේ.

අදාළ නිලධාරියා පවසා ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සිරුරේ සැකකටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් ඒවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත්ය.

සුෂාන්ත් ගේ සිරුර දුටු විගසම එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් තමන්ට වැටහුණ අතර ඒ සම්බන්දයෙන් තමන්ගේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවත් ඔහු පවසා ඇත.

වාර්තාවට අනුව ඔහුගේ සිරුරේ ‘පහර දීමකින් ඇති වූ සලකුණු’ සහ ‘තුවාල’ ඇති බව ද ඔහු පවසා තිබේ.

“සුශාන්ත්ගේ මිනිය දැක්ක ම මම සීනියර්ස්ලාට කිව්වා, මම හිතන්නේ ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා. ඒකයි අපිත් ඒ විධියට ම වැඩ කරන්න ඕන. ඒත් මට කිව්වා ඔයා ඔයාගේ වැඩ කරන්න, මම මගේ වැඩ කරන්නම් කියලා. මගේ රාජකාරිය වුණේ ඇඟ කපලා මහන එකයි. ඒ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණය වීඩියෝගත කළ යුතුව තිබුණත්, සර් කිව්වා පුළුවන් තරම් ඉක්මනට ෆොටෝ අරගෙන මිනිය භාර දෙන්න ඕන කියලා.

ඇඳුම් ගලවනකොට ඇඟේ ගහපු සලකුණු තිබුණා. බෙල්ලේ තැන් දෙක තුනක තුවාල සලකුණු තිබුණා. ගැහුවට පස්සේ අත පය කැඩිලා වගේ… ඇඟේ දරුණු තුවාල සලකුණු තිබුණා,” මෘත ශරීරාගාර සේවක රූප්කුමාර් ෂා නවතම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාවේදී ඉහළින් ආ නියෝග මත සිරුරේ එම සලකුණු වල ඡායාරූප ගැනීම පමණක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital