Home විදේශීය පුවත් සුප්‍රසිද්ධ සමාගමක් දැවැන්ත සේවක කප්පාදුවකට සැරසෙයි !

සුප්‍රසිද්ධ සමාගමක් දැවැන්ත සේවක කප්පාදුවකට සැරසෙයි !

by Free News
0 comment

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරණ මෙටා සමාගම එහි සේවකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බවයි.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකයින් ඉවත්කරන දෙවැනි අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම්වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවයි.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital