සීගිරිය පර්වතයේ සිට ඉර සේවය නැරඹීමට ජනතාවට ඊයේ(14) සිට අවස්ථාව සලසා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය මඟින් කටයුතු සංවිධාය කර ඇත.
මේ වැඩසටහන ඊයේ (14) පෙරවරු 6.00ට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
සංචාරක ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙම කාර්යය ආරම්භ කිරීමේ පරමාර්ථය වේ. ඒ අනුව සීගිරිය පර්වත පරිශ්‍රයට ඇතුළු වීම සඳහා ඊයේ පෙරවරු 5.30ට ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ විය.