දෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනූ සිමෝනා හැලෙප්ට තහනම් උත්තේජක වරදක් සම්බන්ධයෙන් දෙවැනි වරටත් චෝදනා එල්ල වෙයි.
ඇය සතු ජීව විද්‍යාත්මක ගමන් බලපත්‍රයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස යළි චෝදනා එල්ලවී තිබේ.
31 හැවිරිදි රුමේනියානු ජාතික හැලෙප් එක්සත් ජනපද විවෘත තරගාවලියේදී තහනම් උත්තේජක චෝදනා මත පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට තහනමකට ලක්ව ඇත.
සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හැලෙප් පැවසුවේ දිගින් දිගටම හිරිහැරවලට මුහුණ දීමෙන් අසරණ බවක් දැනෙන බවයි. පසුගිය වසරේ හිටපු ලොව අංක එකේ ක්‍රීඩිකාව වූ හැලෙප්ට තරග තහනම පනවනු ලැබුවේ ඇය ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය කරන රොක්සාඩුස්ටැට් නම් තහනම් උත්තේජක ඖෂධය භාවිත කිරීම ඔප්පු වූ බැවිණි. මේ සම්බන්ධයෙන් මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත නඩු විභාගයකදී තම නිර්දෝෂීභාවය ඔප්පු කරන බව හැලෙප් වැඩිදුරටත් පැවසුවාය.