Home දේශීය පුවත් සා/පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

සා/පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

by Free News
0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඒ අනුව තහනම් වනවා. අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ඒවා බෙදා හැරීම හා ලග තබා ගැනීම අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මේ අනුව තහනම් වනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 29වනදා සිට ජුනි 8වනදා දක්වා මධ්‍යස්ථාන 3568ක දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය 011 2421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
විභාග දෙපාර්තතෙම්න්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112784208 / 011 2784537

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital