පාරිභෝගිකයන්ට සහන මිලට ගුණාත්මක පෝෂදායි මාළු ලබාදීමේ අරමුණින් Mega Store නමින් නවීන වෙළෙඳසැල් ජාලයක් ආරම්භ කෙරේ.
ධීවර සංස්ථාව විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් ඉදිවන මෙම නවින Mega Store වෙළෙඳසැල් ජාලයේ මිනුවන්ගොඩ (නො:55 කුරුණෑගල පාර, නාලන්දා විද්‍යාලය ඉදිරිපිට) ශාඛාව විවෘත කිරීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) සිදුවිය. මෙමගින් පාරිභෝගික ජනතාවට කරවල, උම්බලකඩ සහ The Fishery by CEYFISH – අවන්හල මගින් සැකසූ ආහාර පාන ද සහනදායී මිලට මිලදී ගත හැකිය.
නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කලේය. එසේම කඩිනමින් ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළයුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ගරු සභාපති කුමාර අරංගල්ල මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටීයහ.