Home දේශීය පුවත් සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනයට පොලී රහිතව ලක්ෂ 11ක ණය මුදලක් – නැවත ගෙවීම රැකියාවක් ලැබීමෙන් පසුවයි

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනයට පොලී රහිතව ලක්ෂ 11ක ණය මුදලක් – නැවත ගෙවීම රැකියාවක් ලැබීමෙන් පසුවයි

by Free News
0 comment

උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය.

අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසු කම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසුන් 5,000 කට මෙම ණය පහසුකම් ලබා දීමට නියමිතය. මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ ණය මුදල විශ්ව විද්‍යාලයෙන් ඉවත්වී වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital