සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිත කිරීමේ අවධානම පාලනය කිරීමට සහ අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මෙම කෙටුම්පතේ අරමුණ බවයි කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ සඳහා ලෝක බැංකුවේ විශේෂඥ සහාය ද ලබා ගැනිමට නියමිතයි.