Home දේශීය පුවත් සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්

සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්

by Free News
0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(06) පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය.

මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවය.

එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත් එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital