Home දේශීය පුවත් සබරගමුව විශ්ව විද්‍යාලයට විශේෂ හින්දි පීඨයක්

සබරගමුව විශ්ව විද්‍යාලයට විශේෂ හින්දි පීඨයක්

by Free News
0 comment

සබරගමුව විශ්ව විද්‍යාලයේ විශේෂ හින්දි පීඨයක් (Hindi Chair) ස්ථාපනය කෙරේ

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා (11) බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර ඒ මහතා විශ්ව විද්‍යාලයේ විශේෂ ICCR හින්දි භාෂා පීඨයක් (ICCR Chair of Hindi Language) ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට විශ්ව විද්‍යාලයේ උප කුලපති ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා සමඟ අත්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුම හරහා විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා පාඨමාලා ඉගැන්වීම සඳහා ඉන්දියාවෙන් මහාචාර්යවරුන් ලබා ගැනීමට හැකි වනු ඇත.

මහ කොමසාරිස්වරයා අලුතින් ස්ථාපනය කරන ලද විශේෂ ICCR හින්දි පීඨයෙහි ඉහළම දක්ෂතා දක්වන සිසුවා සඳහා පිරිනැමෙන මහ කොමසාරිස්වරයාගේ රන් සම්මානය ද මෙහිදී නිවේදනය කළේය. විශ්ව විද්‍යාලය සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ හින්දි කවිතා තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් පිරිනැමීම ද මහ කොමසාරිස්වරයා අතින් සිදු විය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සමාජ විද්‍යා සහ භාෂා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (ICSSL) ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී විය. ICSSL සමුළුව ශාස්ත්‍රඥයන්, පර්යේෂකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මහාචාර්යවරුන්ගේ සමාජ විද්‍යා සහ භාෂා ක්ෂේත්‍රයන් හි පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීම සඳහා විවෘත වේදිකාවකි. මහ කොමසාරිස්තුමා සහ උප කුලපතිතුමා විසින් මෙහිදී පළමු ICSSL සමුළුවේ වෙබ් පිටුව ද විවෘත කරන ලදී.

මෙම අවස්ථාව අමතමින් ගෝපාල් බග්ලේ මහතා තිරසාරභාවය සහ තිරසාර සංවර්ධන අභිමාතාර්ථ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ ගෙනහැර දැක්වීය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ වදන් සිහිපත් කරමින් ඔහු පැවසූයේ ප්‍රති භාවිතය, ප්‍රතිචක්තිකරණය, ප්‍රති නිර්මාණය කිරීම, ප්‍රති නිෂ්පාදනය වැනි තිරසාරභාවය සඳහා වැදගත් වන පියවර ඉන්දියාවේ සංස්කෘතික ආචාර ධර්මයන්හි කොටසක් වන බවයි. ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට ඉහළ විභවතාවයක් ඇති බව අවධාරණය කළ එතුමා ඉන්දියාව තිරසාර බලශක්ති මූලාශ්‍රයන්ගෙන් විදුලිය නිපදවීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන බව ප්‍රකාශ කළේය. එසේම, ඉන්දියාව අඛණ්ඩව විශ්ව විද්‍යාලයට සහයෝගය ලබා දෙන බවට ද ඔහු සහතික විය.

අධ්‍යාපනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැදගත් සහයෝගීතා ක්ෂේත්‍රයකි. මදුරාසියේ තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතනය සිය ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළ ආරම්භ කර ඇත. මෙයට අමතරව ශ්‍රී ලාංකික සිසුන් සිය ගණනකට සෑම වසරකම විවිධ විෂය ධාරාවන් හි පළමු උපාධි පාඨමාලාවන් හි සිට ආචාර්ය උපාධි පාඨමාලාවන් දක්වා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමේ. තව ද ඉන්දියාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ද මූල්‍ය සහයෝගය ලබා දෙයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital