එළඹෙන නත්තල් සමය නිමිත්තෙන් ලංකා සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් මිල අඩු කිරීම් අද (23) සිට ක්‍රියාත්මක වන බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පැවසුවේ.
• ලොකු ලූණු – කිලෝ එකක් රුපියල් 185.00 (රුපියල් 5.00 කින් අඩුකර ඇත)
• රතු පරිප්පු – කිලෝ එකක් රුපියල් 374.00 (රුපියල් 11.00 කින් අඩුකර ඇත)
• ටින් කළ මාළු (දේශීය) – ග්‍රෑම් 450 ක් රුපියල් 475.00 (රුපියල් 15.00 කින් අඩුකර ඇත)
• මිරිස් – කිලෝ එකක් රුපියල් 1780.00 (රුපියල් 15.00 කින් අඩුකර ඇත)
• හාල්මැස්සන් – කිලෝ එකක් රුපියල් 1,100.00 (රුපියල් 50.00 කින් අඩුකර ඇත)
• සුදු සීනි – කිලෝ එකක් රුපියල් 220.00 (රුපියල් 4.00 කින් අඩුකර ඇත)
• අල – කිලෝ එකක් රුපියල් 285.00 (රුපියල් 50.00 කින් අඩුකර ඇත)