හෙට(04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවයි.