Home දේශපාලනය ‘සජබ ප්‍රබලයෝ පහක් ආණ්ඩුවට යති.’ – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

‘සජබ ප්‍රබලයෝ පහක් ආණ්ඩුවට යති.’ – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

by Free News
0 comment

අඩුම වශයෙන් සමගි ජනබල වේගයේ ප්‍රමුඛ පෙළ නායකයන් පස් දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු වාර්තා කරයි.

ආණ්ඩුව හා එක්වීමට සූදානමින් සිටින නායකයන් සමග මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බව, එම පිරිස ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ කාර්යය සදහා අතරමැදියෙකු ලෙස කටයුතු කරන පාර්ශ්වයක් උපුටා දක්වමින් පුවත්පත වැඩිදුරටත් පවසයි.

සජබ ප්‍රධානීන් පස් දෙනා ආණ්ඩුව හා එක්වන්නේ වරප්‍රසාද සදහා නොවන බවත් ඔවුන් සියල්ලන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි පැහැදී සිටින බවත් අදාල මැදිහත් කරුවා වැඩිදුරටත් පවසා තිබේ.

දැනටමත් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගේ ආර්ථික සැලසුම් පැසසුමට ලක් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බිලී බා ගැනීම සදහා ආණ්ඩුව මුදල් වීසි කිරීමට සූදානමින් සිටින බවයි.

එමෙන්ම එම පක්ෂයේ මහ ලේකම්වරයා පසුගිය සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සමගි ජන බලවේගයේ කිසිවෙකු ආණ්ඩුව හා එක් නොවනු ඇති බවයි. ඊට ප්‍රතිපක්ෂව ආණ්ඩුවේ කිහිප දෙනෙකු විපක්ෂය හා එක්වීමට සූදානමින් සිටින බවද ඔහු පවසා සිටියේ ය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital