ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ සේවකයින් 10,000 ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ අරමුණින් මෙම අසීරු තීරණය ගත් බවයි.
පසුගිය නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම ඊට අනුබද්ධිත සමාගම්වල සේවකයින් 11,000 ක් ඉවත් කෙරුණා.
රැකියාවලින් 10,000 ක් ඉවත් කිරීමට අමතරව පුරප්පාඩු 5,000 ක් කිසිඳු සේවකයෙකු බඳවා ගැනීමකින් තොරව එලෙසම තැබීමට ද තීරණය කර තිබෙනවා.
මෙම ආර්ථික අර්බුද තවත් වසර කිහිපයක්ම පවතින බැවින් ඊට දැන් සිටම සූදානම් විය යුතු බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.