Home දේශීය පුවත් සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට ජනපති උපදෙසින් නව වැඩපිළිවෙලක්

සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට ජනපති උපදෙසින් නව වැඩපිළිවෙලක්

by Free News
0 comment

වසර පුරාම ශ‍්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දකුණු පළාතේ ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත ප‍්‍රදේශයක් වන හික්කඩුව නගරයේ සිදුකළ සංචාරයකදීයි.

ජනාධිපතිවරයා එහිදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ ඔවුන්ගේ ගැටළු සහ නව අදහස් සාකච්ඡුා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වැය කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බව සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සැලසුම් ක‍්‍රියාවට නැංවිම සඳහා පත් කර ඇති කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවයි.

 

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital