Home දේශීය පුවත් ෂාෆ්ටර් බිරියගෙන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

ෂාෆ්ටර් බිරියගෙන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

by Free News
0 comment
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතා සම්බන්ධයෙන් තමන් නොකියූ කරුණු විශේඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට දැනුම් දී ඇතැයි ෂාෆ්ටර් මහතාගේ බිරිය දිවුරුම් ප්‍රකාශයක් මඟින් පසුගියදා 04වැනිදා අධිකරණයට කරුණු දැන්විය.

නඩුව පසුගිය 04වැනිදා යළි කැදවු අවස්ථාවේදී මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විසින් මේ බව දැනුම් දෙමින් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය වෙත ඉදිරිපත් ක‍ෙළ්ය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේශ් ෂාෆ්ටර් මහතා ගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ දත් පහරවල් ඇති බවට මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා සිටිය ද එකී සිප් පටියේ කපා දමන විට ඇති වූ කඩතොළු සහිත කැලැල් තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇතැයි මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරමින් එකී වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කළේය.

අදාළ සිද්ධිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් අනතුරුව මෙම රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බව සඳහන් කළ නීතිඥවරයා අදාළ වාර්තාව ද මෙම වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍ය මණ්ඩලය වෙත පැවරීමෙන් අනතුරුව දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව අධිකරණය වෙත ලැබුණු ඩී. එන්. ඒ. වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, සොකෝ නිලධාරි ඡායාරූප, ඇඳ හිස් පත් වාර්තා, මානසික වෛද්‍ය වාර්තා ඇතුළු අධිකරණය භාරයේ තිබෙන සියලු ලේඛන රේජිස්ට්‍රාර්වරයා හරහා මෙම කමිටුව වෙත භාර දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. කමිටුව විසින් සති අටක කාලයක් විමර්ශනය සඳහා ඉල්ලා ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද වැඩිදුර වාර්තාව ද එම කමිටුව වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පිඨයේ විශේෂඥ වෛද්‍ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී.එච්.එච්. ප්‍රනාන්දු, නුවර පේරාදෙණිය ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. ශිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි ජී. ආර්. රුවන්පුර යන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය වෙත මෙම වාර්තා ද ලබා දීමට අධිකරණය මඟින් නියෝග කෙරිණ.

මෙම කමිටුවේ සභාපතිත්වය ප්‍රධාන වෝහාරික විශේෂඥ වෛද්‍ය නිලධාරි අසේල මෙන්ඩිස් මහතා නම් කළ මහේස්ත්‍රාත්වරිය දැනට ලේඛනගත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ජාතික රෝහලේ ඇඳ හිස පත් වාර්තා අනුව තීරණය කුමක්ද? මරණයට හේතුව කුමක් ද? යන්නට පිළිතුරු ලබා දෙන ලෙසට කමිටුව වෙත නියෝග කර ඇත.

දැනට ලේඛනගත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ජාතික රෝහලේ ඇඳ හිස පත් වාර්තා අනුව මරණය තීරණය කළ නොහැකි නම් ඊට අදාළව නිගමනය කරන ක්‍රමවේදය නම් කරන ලෙසට ද නියෝග නිකුත් කර තිබිණ.

වෙනත් මත දරන්නේ නම් පශ්චාත් මරණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තා, ජාතික රොහල් අධ්‍යක්ෂකගේ ඇඳ හිස පත් වාර්තා, අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර සහ අතරතුර සියලු ඡායාරූප, සොකෝ ඡායාරූප, ඒවා නිකුත් කරන ලද නිලධාරීන් කමිටුවට කැඳවීමට බලය පවරන බවත් අවශ්‍ය පැහැදිලි කිරිම් සහ උපදෙස් ලබා ගැනීමට නියෝග අධිකරණය හරහා අවශ්‍ය නම් ඒ සඳහා ද අවසර ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital