ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය.
ඒ අනුව, මේ වන විට මාධ්‍යයට විවෘත නොකර අප්‍රසිද්ධියේ එම සාක්ෂි ලබා ගනිමින් සිටියි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගේ නිල මැදිරියේදී මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය කැඳවනු ලැබූ අතර අද (04) දහවල් 12.30ට පමණ එය ආරම්භ විය.
මෙම සිද්ධියට අදාළව මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දීමට දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිය, ඔවුන්ගේ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වූ ක්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනෙක් අධිකරණයට පැමිණ සිටියහ.