Home දේශීය පුවත් ෂාෆ්ටර්ගේ දෙවැනි මරණ පරීක්ෂණය ගාල්ලේදී

ෂාෆ්ටර්ගේ දෙවැනි මරණ පරීක්ෂණය ගාල්ලේදී

by Free News
0 comment

බොරැල්ල කනත්තේ මිහිදන් කර ඇති ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර යළි ගොඩගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඊයේ (22) කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත නියෝග කළාය.

මේ මස 25 වැනි දින මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇති බැවින් බොරැල්ල කනත්ත වෙත විසිපස් වැනි දින උදේ 8:30ට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මඬුල්ලට පැමිණෙන ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

විසිපස් වැනි දින ගොඩගන්නා සිරුර දින දෙකක් ඇතුළතදී ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද අධිකරණය පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට අවසර ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන් කරුණු හා අවශ්‍ය වියදම් අධිකරණ අමාත්‍යාංශය මඟින් දරනු ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මළ සිරුර ගාල්ල කරාපිටිය රෝහල වෙත ගෙනයන වියදම් දරනු ඇත. සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ මෝසමක් මඟින් මෙම නියෝග නිකුත් කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පසුගියදා (18) අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරිය සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනයන්ට අදාළව ලබාගත් සාක්ෂි මත දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව තීරණය කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පෙබරවාරි 27 වැනි දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීම සඳහා පත් කරනු ලැබීය.

මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව සඳහා සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර සෙසු සාමාජිකයන් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නම් කරනු ලැබීය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව 2022/12/15 වැනි දින මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital