වසර 2023දී 6 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවිවල මේ දිනවල ප්‍රචාරය කරන තොරතුරු අසත්‍ය බවත්, නිවැරැදි ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අදාළ කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ලලිතා එගොඩවෙල මහත්මිය ප්‍රකාශ කළාය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමත් දරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඒවා සලකා බැලීමෙන් පසු පාසල්වලට තෝරාගන්නා කඩඉම් ලකුණු නිකුත් කරන බවත්, මේ දිනවල පාසල් නිවාඩුව හේතුවෙන් තවත් මාසයක් පමණ කාලයක් එයට ගත වන බවත් ඇය පැවසුවාය.