ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහ ඇෆ්ගනිස්තානය තරගාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයක් නම්කර තිබේ.
සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් එම මුලික සංචිතය නම්කර ඇති අතර එයට පිතිකරුවන් 7ක්, වේගපන්දු යවන්නන් 9ක් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් 8 දෙනෙක් ඇතුළත්ව සිටී.
එමෙන්ම කඩුලු රකින ක්‍රීඩකයින් තුන්දෙනෙකු සහ දඟ පන්දු යවන ක්‍රීඩකයින් තුන්දෙනෙකුදට ඊට ඇතුළත්ය.
20-20 ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයට ලක්වූ දුෂ්මන්ත චමීර මාස 7කට පසු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
කුසල් ජනිත් පෙරේරා වසර දෙකකට පසු එක්දින සංචිතයට කැඳවා ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්ද මූලික සංචිතයට ඇතුළත්ය.
මතීෂ පතිරණ, දුෂාන් හේමන්ත සහ ලක්ෂාන් සැඳකැන්, ලසිත් කෘෘස්පුල්ලේ ද මූලික සංචිතයට ඇතුළත්ව සිටී.
30 දෙනෙකුගෙන් යූත් මූලික සංචිතයෙන් 15 දෙනෙකු ඇෆ්ගනිස්තාන තරගාවලිය නම් කිරිමට නියමිතය.